Trending
තොරතුරු ප්‍රාග්ධනයේ යුගයක්- ආචාර්ය චරිත හේරත්...........මාධ්‍ය දඬබීමක් වූ සිරියානු යුද ගැටුම්

Wednesday, July 6, 2016

ජනමාධ්‍යයට ස්වයං විනයක් ලබාදීම

'' අද ජනමාධ්‍යයේ  තිබෙන බරපතලම ගැටළුව  මාධ්‍යවේදීන්ට නිසි පුහුණුවක් නැති වීම...''

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ගාල්ල, ඇලෝසියස් විද්‍යාලයේ ජනමාධ්‍ය දිනය සැමරීමේ උත්සවයට සහභාගී වෙමින් කළ දේශනය ඇසුරින් මෙම සටහන සකස්  කෙරේ.
ජනමාධ්‍ය විෂය පිළිබඳව පාසල් දරුවන් දක්වන උනන්දුව තුළින් අනාගතයේ අපට හොඳ ජනමාධ්‍යවේදීන් පිරිසක් බිහි කරගන්න පුළුවන්.අපේ දරුවන් මාධ්‍යට දක්වන උනන්දුව නිසා යහපත් මාධ්‍යක් ඇති කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු  කරන්න හැකියාව ලැබෙනවා.
 
නිසි පුහුණුවක් නැති වීම

අද ජනමාධ්‍යයේ  තිබෙන බරපතලම ගැටළුව  මාධ්‍යවේදීන්ට නිසි පුහුණුවක් නැති වීම. සමහර වෙලාවට අපි කතාවක් කළවිට ඒක හෙට පත්තරේ වාර්තා වෙන්නේ සම්පූර්ණයෙන් වෙන අර්ථයක් වෙන ආකාරයටයි. එක වචනයක් වැරැද්දුවොත් සම්පූර්ණයෙන්ම වැරදි  අර්ථයක් මතු වෙනවා. මම අත්දැකීමෙන් දන්නවා මම කළ කතාව නොවෙයි පහුවෙනිදා පත්තරේ දකින්නේ වෙනත් කථාවක්. ඒ නිසා මේ පුහුණුව කියන එක අද අත්‍යවශ්‍යයි.

ජනමාධ්‍යවේදීන් පුහුණු කිරීමට අන්තර්ජාතික මට්ටමේ  මධ්‍යස්ථානයක් ඇකඩමියක්   ආරම්භ කිරීමට අවධානය යොමු කර තිබෙනවා. චීනය වගේ රටවල් ඒකට ආධාර කිරීමට සාකච්ඦා කර  තිබෙනවා. ඒ නිසා අනාගතයේදී අපට පුහුණු මාධ්‍යවේදීන්, වගකීමෙන් කටයුතු කරන මාධ්‍යවේදීන් බිහි කරන්න හැකි වෙනවා.

 

 තොරතුරු දැනගැනීමේ පනත

තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක වන විට මාධ්‍යවේදීන්ටත් සිද්ධ වෙනවා හරි තොරතුරු ගෙන  මාධ්‍යයට වාර්තා කරන්න. ආවට ගියාට අහුලගත්ත තොරතුරු වලට, කටකතා වලට, ආරංචි මාර්ග වලට තොරතුරු දෙන එක නතර කරන්න තමයි අපි උත්සාහ කරන්නේ. ගවේශණාත්මක මාධ්‍යකරණයක නිරත වීමටත් මේ තොරතුරු පනත හරහා අවස්ථාව ලැබෙනවා.  


පොල් ගෙඩි අකුරින් පත්තරේ

රටේ උත්තරීතරම තැන පාර්ලිමේන්තුවයි. වාර්තා කරන විට හරවත්, අර්ථවත් කතාවක් කළොත් ඒකට නොවෙයි තැන ලැබෙන්නේ. මොකක් හරි කියන කතාවක්, අහුල ගත්ත කතාවත්, එහෙම නැතිනම් දෙපැත්ත කැපෙන කතාවක්, මොකක් හරි කොලොප්පමක් කළා නම් ඒක තමයි පොල් ගෙඩි අකුරින් පත්තරේ වැටෙන්නනේ. ඒ මට්ටම වෙනස් කරන්න මේ හැදී වැඩී එන මාධ්‍යට උනන්දුවක් දක්වන දරුවෝ ටික ඉස්සරහට එන විට පුළුවන් වෙයි කිලයා අපි විශ්වාස කරනවා. අර්ථවත් දේ හරවත් දේ හැම විටම ඉස්මතු කරවීමට කටයුතු කරන්න කාලය හරි කියන එක තමයි මගේ නම් විශ්වාසය.

 

No comments:

Post a Comment

blog

uk blog reader

TRUST ගැන

TRUST අන්තර්ජාල මාධ්‍ය සඟාරාව ඔබ වෙත පිරිනමන්නේ ඉමහත් සතුටෙන්. මෙම සඟරාව මාධ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් කථිකාවක් ගොඩනැගීම අරමුණු කරගෙන ආරම්භ කර තිබෙන්නේ. විශේෂයෙන් සන්නිවේදන විෂය හදාරණ පිරිස් වෙත දැනුම බෙදාදීමේ මාධ්‍ය සඟාරාවේ ප්‍රමුඛ අභිප්‍රාය වී තිබේ. එය ජයගනු සඳහා ඔබගේ දායකත්වය සැමදා අප බලාපොරොත්තු වෙමු. TRUST අපි

On line

 

ජනමාධ්‍ය ගැන අලුත් විදියට දකිනවද?

ජන සන්නිවේදනය, ජනමාධ්‍ය විෂය ක්ෂේත්‍රයේ ඔබගේ දැනුම බෙදා ගන්න අප සමඟ එක්වන්න.. ඔබගේ සාරගර්භ අඳහස් අපවෙත ලියන්න.ජනමාධ්‍ය ගැන අලුත් විදියට දකිනවද?

Face book

අඳහස්

TRUST අන්තර්ජාල මාධ්‍ය සඟරාවේ පළ කෙරෙන ලිපි සහ විශේෂාංගවල කියැවෙන අඳහස් එම ලේඛකයන්ගේ අඳහස් බව සලකන්න
Designed By Blogger Templates - Published By Gooyaabi Templates | Powered By Blogger