Trending
තොරතුරු ප්‍රාග්ධනයේ යුගයක්- ආචාර්ය චරිත හේරත්...........මාධ්‍ය දඬබීමක් වූ සිරියානු යුද ගැටුම්

Tuesday, June 28, 2016

මාධ්‍යවේදියාට කලාව හා චින්තනය වැදගත් - ආචාර්ය ටියුඩර් වීරසිංහ

ජනමාධ්‍ය අධ්‍යයන විෂයයෙහි නව ප්‍රවණතාවන් මෙරට ශාස්‌ත්‍රාලයට හඳුන්වාදුන් ආචාර්ය ටියුඩර් වීරසිංහ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්‌ඩපයේ මණ්‌ඩපාධිපති ලෙස කටයුතු කරයි. පහත පළවන්නේ ජනසන්නිවේදන අධ්‍යයන විෂය පිළිබඳ ඔහු හා කළ සාකච්ඡාවක සංක්ෂිප්ත සටහනකි.


සන්නිවේදන අධ්‍යයනයේ කාලීන වැදගත්කම කුමක්‌ද?

මාධ්‍ය හා සන්නිවේදන අධ්‍යයනය කාලීන වශයෙන් වැදගත් විෂයක්‌. අද සන්නිවේදනය පුළුල් ව්‍යාපාරික ක්‍ෂේත්‍රයක්‌ පුරා පැතිර යන්නක්‌. එමගින් රැකී රක්‍ෂා සම්පාදනය කරමින් ජාතික ආර්ථිකයට විශාල දායකත්වයක්‌ සපයනවා. උසස්‌ අධ්‍යාපන ආයතනවල රටේ බොහෝ විශ්වවිද්‍යාලවල සන්නිවේදනය විෂයක්‌ ලෙස උගන්වනවා. ශාස්‌ත්‍රවේදී, ශාස්‌ත්‍රපති උපාධි දක්‌වා වර්ධනය වූ ශාස්‌ත්‍රාලයීය මාධ්‍යයක්‌ ලෙස වර්ධනය වී තිබෙනවා. සමාජයේ සංවර්ධනය සමගම ඔවුන්ගේ තොරතුරු හා සහසම්බන්ධ සන්නිවේදන ක්‍රියාවලීන් ප්‍රධාන තැනක්‌ ගන්නවා. මේ නිසා ඒ ක්‍ෂේත්‍රවල විශාල වර්ධනයක්‌ ඇති වුණා. තොරතුරු හුවමාරු කර ගැනීමට පමණක්‌ සීමා නොවී එය ආර්ථික, දේශපාලනික, සංස්‌කෘතික ආදී විවිධ ක්‍ෂේත්‍රවල පැවැත්ම ඉදිරි වර්ධනය තීන්දු කරන ප්‍රධාන සංරචකයක්‌ බවට පත් වී තිබෙනවා. ඒ නිසා සන්නිවේදනය අධ්‍යයනය කිරීම සන්නිවේදන ක්‍ෂේත්‍රය හා මාධ්‍ය ක්‍ෂේත්‍රය යන දෙපාර්ශ්වයම ජනමාධ්‍ය යන අර්ථයෙන් පමණක්‌ නොව, තොරතුරු තාක්‍ෂණය පැත්තෙන් ද විශේෂ වෙනවා. විශේෂයෙන් ම ජනමාධ්‍ය හා සන්නිවේදනය සමස්‌ත සමාජයේම ක්‍රියාකාරීත්වය බොහෝ විට වර්ධනය වෙන්නේ තොරතුරු සම්පාදනය කිරීමේ විධික්‍රමයක්‌ සහ ඒ සඳහා අනුගමනය කරන ක්‍රමවේදයක්‌ පදනම් කරගෙනය. මේ නිසා අද වන විට සන්නිවේදනය මීට අවු. 40 ට පෙර පැවතියාට වඩා පදනම් විෂයක්‌ බවට පත් වී තිබෙනවා. ශාස්‌ත්‍රාලයීය ලෙස වැදගත් වර්ධනයක්‌ දක්‌නට ලැබෙනවා. විශාල ලෙස සමාජ ආර්ථික විපර්යාසවලට බලපාන බලවේගයක්‌ බවට පත්වී තිබෙනවා. මෙය සමාජයේ රැකියා හා වෘත්තීය තත්ත්වයන් වෙනස්‌ කිරිමට තුඩු දුන් ක්‍ෂේත්‍රයක්‌ වෙලා. ඒ තුළ විශාල ලෙස දැනුම පදනම් කරගත් ආර්ථිකයක්‌ සමාජයක්‌ නිර්මාණය වෙමින් පවතින අවස්‌ථාවකදී මාධ්‍ය භූමිකාව ඉතාමත් වැදගත්.

ශ්‍රී ලංකාවේ සන්නිවේදන අධ්‍යයනය මොන මට්‌ටමකද පවතින්නේ?

ශ්‍රී ලංකාවේ තත්ත්වය විමසන විට එක්‌ පැත්තකින් වඩාත් කනගාටුදායක තත්ත්වයක්‌ ඇති වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ සන්නිවේදන අධ්‍යයනයේ යම් යම් අඩුපාඩුකම් හා වැරදි අර්ථාරෝපණයන් තුළින් විකෘති වෙලා. අපේ රටේ 70 දශකයේ මුලින්ම උසස්‌ අධ්‍යාපන මට්‌ටමින් දෙහිවල කාර්මික අධ්‍යයන ආයතනය පාඨමාලා තුළින් ආරම්භ වුණා. පසුව කැලණිය විශ්වවිද්‍යාලයේ සන්නිවේදනය විෂයක්‌ ලෙස ඉගැන්වීමට පටන් ගැනුණා. එහිදී සන්නිවේදනයේ යම් යම් ඓතිහාසික විශේෂතා බලපා තිබෙනවා.

මේ විෂය පහළවෙන්නේ යුරෝ`පයේ. සන්නිවේදන අධ්‍යයනය පමණක්‌ නොව මාධ්‍ය ආයතන, පුවත්පත්, සඟරා, රූපවාහිනී, ගුවන් විදුලිය යන සියල්ලම අපට ලැබුනේ යුරෝපයෙන්. මෙය අපේ සංස්‌කෘතියේ, සමාජයේ කාර්මික හා ස්‌වාභාවික සංවර්ධනයේ ප්‍රතිඵලයක්‌ ලෙස බිහිවූයේ නැහැ. නමුත් යුරෝපයේ ඔවුන්ගේ සමාජ ආර්ථික වර්ධනය සමඟ එය බිහිවුණා. ශ්‍රී ලංකාවේ මෙය දේශපාලන ප්‍රතිසංස්‌කරණ සමඟ (කෝල්බෲක්‌) ඇතිවුණා. ඊට කලින් අපේ රටේ තොරතුරු හුවමාරු මාධ්‍ය තිබුණා. ඒවා ජනමාධ්‍ය ලෙස හඳුන්වන්න බැහැ. ජනමාධ්‍ය පරම පවිත්‍ර වශයෙන් ම යුරෝපීය ආයතනයක්‌. යුරෝපයේ ජනමාධ්‍ය ඇති වූයේ ඵ්ස්ස් මුල් කර ගනිමින්. නමුත් ලංකාවේ මාධ්‍ය ආයතන තුළ අද භාවිතා කරන වචනය වන්නේ ජනමාධ්‍ය. ජනමාධ්‍ය යන වචනය තොරතුරු ඉදිරිපත් කරන මාධ්‍යයක්‌ ලෙස අර්ථදැක්‌වෙනවා. නමුත් එය අර්ථාන්විත නැහැ. යුරෝපයේ ඵ්ස්ස් කියන වචනයට අපේ රටේ ජන කියන අර්ථය ගැලපෙන්නේ නෑ. එහිදී අර්ථ විකෘති වීමක්‌ සිදුවුණා. මෙය ලංකාවේ සන්නිවේදන ආයතනයේ තිබෙන බරපතළ ගැටලුවක්‌.

ජනසන්නිවේදනය පාරිභාෂිකව කොතෙක්‌ දුරට මේ විෂයේ යථාර්ථය ප්‍රතිනිර්මාණය කරනවාද යන්න ගැටලුවක්‌. යුරෝපයේ ඵ්ස්ස් ලෙස භාවිත කළේ යුරෝපය කාර්මික සමාජ ආර්ථික ප්‍රවණතාවක්‌ ලෙසින් ඇතිවුණු දෙයකට. ඒ නිසා මම හිතන විදියට මේ සඳහා සුදුසුම වචනය සංහතිය යන වචනයයි. ඒ නිසා ජනසන්නිවේදනය සංහතික සන්නිවේදනය ලෙස ගන්න පුළුවන්. ජනයා හා සංහතිය යන්න වෙනස්‌. ඵ්ස්ස් කියන්නේ ස්‌කන්ධය යන්නයි. එය සමස්‌ත එකතුවීම් හා මිනිසුන් අතර ගොඩනැඟුණු සම්බන්ධතාවේ ගුණාත්මක තත්ත්වයක්‌. මාධ්‍යයෙන් කතා කළ යුත්තේ පුද්ගලයකුට නොව සංහතියකටයි. එය මිනිසකු තුළ තිබෙන ගුණාංග සමාජය තුළම තිබිය යුතුයි. සමස්‌ත සමාජයේ ම ඇති දේවල් එක මිනිසකු තුළ ද තිබිය යුතුයි. නමුත් එය සිදුවන්නේ නැහැ.

මෙම විෂයට ජාත්‍යන්තර මට්‌ටමින් කුමන පිළිගැනීමක්‌ ද තිබෙන්නේ.

ජාත්‍යන්තරව ලොව බොහෝ විශ්වවිද්‍යාලවල මාධ්‍ය හා සන්නිවේදන අධ්‍යයන විෂයක්‌ ලෙස උගන්වනවා. මෙහි නව ප්‍රවණතා තිබෙනවා. මීඩියාලොජි වැනි ක්‍ෂේත්‍ර දක්‌වා වර්ධනය වෙලා තියෙනවා. ඇමරිකා එක්‌සත් ජනපදනයේ ජාතික ආදායමෙන් 11% පමණ සම්පාදනය වන්නේ සන්නිවේදනය හා මධ්‍ය ආශ්‍රිත නිෂ්පාදනවලින් ලෝක මට්‌ටමින් මෙය විශාල තොරතුරු කර්මාන්තයක්‌ බවට පත් වී තිබෙනවා. ඒ වගේම ව්‍යාපාරයක්‌ හා දැවැන්ත පර්යේෂණ අධ්‍යයන ක්‍ෂේත්‍රයක්‌ බවට පත් වී තිබෙනවා. මෙය විශ්වවිද්‍යාල හා උසස්‌ අධ්‍යාපන ආයතනවල විෂය ධාරාවක්‌ වී තිබෙනවා. මීට අමතරව මේ ආශ්‍රිත මීඩියා ගෲප්. ගුරුකුල ආදී විශාල අධ්‍යයනයන් බිහි වී තිබෙනවා. එහිදී මේ අධ්‍යනයන් සිදුවන්නේ අන්තර් විෂයික රාමුවක්‌ තුළයි.

සන්නිවේදන අධ්‍යයනය ජාතිකමය වශයෙන් වැදගත් වන්නේ කෙසේද?

ජනමතය සකස්‌ කිරීමේ අභිලාෂය මුල්කර ගනිමින් රටක සංවර්ධනය වෙනස්‌ කිරීමට හැකියි. නමුත් අපේ රටේ තියෙන්නේ සෘණාත්මක වාර්තාකරණයක්‌. අපරාධ දූෂණ ආදිය තුළ නිශේධනාත්මක ජනමතයක්‌ ඇති කළ හැකියි. එමගින් මිනිසුන් තුළ විවිධ උත්තේජනයන් අභිප්‍රේරණයන් ඇති කරන්න පුළුවන්. ඒ නිසා සන්නිවේදනය දියුණු කිරීම මාධ්‍ය පිළිබඳ දැනුවත් භාවයක්‌ ඇති කිරීම අත්‍යවශ්‍යයි. රට අගාධයට ඇද දමන විවිධ කාරණාවලට මූලිකම හේතුව වෙලා තියෙන්නේ දැනුම හිඟකම. මාධ්‍යකරුවා ජාතියේ මූලික හැඩතල මතුකර දක්‌වනවා. අතීතයේ මෙය සිදු කළේ ආගමයි. නමුත් අද ආගමට මෙය කළ නොහැකිය. අද සන්නිවේදනය හා මාධ්‍ය ප්‍රධාන බලවේගයක්‌ වී තිබෙනවා. මිනිසුන් තුළ ගොඩනගන මතවාදය ඔවුන්ගේ පොදු අවශ්‍යතා සඳහා රැගෙන යා යුතුයි. ඒ සඳහා මාධ්‍යකරුවාගේ කලාව හා චින්තනය වැදගත්.

සන්නිවේදන අධ්‍යයනය සංවර්ධන කාර්යය සඳහා දායක කරගන්නේ කොහොමද?


සන්නිවේදන අධ්‍යයනය අපේ රටේ සංවර්ධන ක්‍රියාවලියට යොදා ගත යුතුයි. මේ පිළිබඳ පොදු කතිකාවතක්‌ අපට අවශ්‍යයි. එසේම සන්නිවේදන අධ්‍යයනය පාසල් මට්‌ටමේ හා වෙනත් ආයතනවල විෂයක්‌ ලෙස ඇතුළු කිරීම තුළ ඒ විෂය ඉගැන්වීමට සුදුසු ප්‍රවීණයන් ඒ සඳහා තෝරා ගත යුතුයි. මෙය යම්කිසි විද්‍යාත්මක ශික්‍ෂණ මාර්ගයක්‌ ජන විඥානය සකස්‌ කරන දෙයක්‌. එහි මූලික ගතිකයන් සමාජ ආයතනයක්‌ ලෙස මාධ්‍ය දියුණුවීමට ප්‍රබල ලෙස බලපානවා. රටේ බුද්ධිමතුන් හා දේශපාලනඥයන් ආදීන් අතර සම්බන්ධයක්‌ ඇති කළ හැකියි. නමුත් එය අපේ රටේ සිදුවන්නේ නැහැ. අපේ රටේ සිදුවන්නේ ලාභය අරමුණු කර ගනිමින් සන්නිවේදනය අලෙවි කිරීමයි. එය බසාර් මාකට්‌ එකක්‌ විදියට හඳුන්වන්න පුළුවන්. එයින් මිනිසුන්ට අවශ්‍ය දේ දෙනවා.

ජනසන්නිවේදන අධ්‍යයනයේ න්‍යායික දැනුම හා මාධ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වයේ ප්‍රායෝගිකත්වය තුළ ගැටුමක්‌ පවතිනවා නේද?
අද වන විට මේ තත්ත්වය බොහෝ වෙනස්‌ වෙලා. මීට අවුරුදු 20 පෙර මේ තත්ත්වය බෙහොමයක්‌ පැවතුණා. මාධ්‍ය ආයතන හා මාධ්‍ය අධ්‍යයන ආයතන අතර පුළුල් සම්බන්ධයක්‌ පැවතීම තුළ මේ තත්ත්වය අඩු කර ගත හැකියි. විශ්වවිද්‍යාලවල විෂය අන්තර්ගතයට මාධ්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන්, ඒවායේ නියුක්‌ත අය සම්බන්ධ වන නිසා මේ තත්ත්වයට විසඳුම් ලැබී තිබෙනවා. මේ න්‍යායික දැනුම හා ප්‍රායෝගික දැනුම අතර ඇති සම්බන්ධය නිසා මෙය පහසු වී තිබෙනවා.

ජනමාධ්‍ය යනු කුසලතාව හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් එකට බද්ධ වී ඇති විෂයක්‌. මාධ්‍ය ආයතනවල වැඩ කරන අයට ප්‍රායෝගික දැනුම තිබෙනවා. විශ්වවිද්‍යාල සිසුවාට න්‍යායික දැනුම තිබෙනවා. මේ දෙක මුල් කාලයේ වෙන් වෙලා තිබුණා. නමුත් වර්තමානයේ මේ දෙක අතර සම්බන්ධතාව වැදගත් ප්‍රවණතාවක්‌.

නමුත් මේ තත්ත්වය තවත් විධිමත් කළ යුතු බව මගෛඅ හැඟීමයි. විශ්වවිද්‍යාලවල උගන්වන න්‍යායික දැනුම මාධ්‍ය ආයතන තුළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරිමට නොහැකි වීමත් ගැටලුවක්‌. ඒ තුළ පවතින දැනුම අත්දැකීම් මත පදනම් වෙලා තිබීම නිසා මේ තත්ත්වය උදා වී තිබෙනවා. එහිදී මේ දැනුම නිශ්ප්‍රභ වන බව එයින් අදහස්‌ නොවේ. මෙහිදී විද්‍යාර්ථêතා ප්‍රායෝගික තත්ත්වයට අනුව හැඩගැසිය යුතුයි. බටහිරින් ගත් කට පාඩම් න්‍යායික දැනුම වෙනුවට වර්තමානයේ සමාජ ක්‍රියාකාරීත්වයට අදාළ න්‍යායික දැනුමක්‌ සකස්‌ කිරීම සිදු කිරීම අත්‍යවශ්‍යයි.

පාසල් අධ්‍යාපනයට හඳුන්වා දී ඇති 10 - 11 - 12 ශ්‍රේණි මාධ්‍ය අධ්‍යාපන විෂය නිර්දේශය ගැන ඔබේ අදහස කෙබඳු ද?

විෂය නිර්දේශය තවම තිබෙන්නේ ආරම්භක අවස්‌ථාවේයි. බැලූ බැල්මට මේ තුළ පුළුල් ගතියක්‌ ඇති බව පෙනෙනවා. මේ තුළ තව තවත් විධිමත් හා නිශ්චිත විය යුතු තැන් තිබෙනවා. එමෙන්ම අධ්‍යාපන ක්‍රියාවලිය තුළ තවදුරටත් වර්ධනයන් සිදුවිය යුතුයි. වඩාත්ම අවධානය යොමු විය යුත්තේ පවතින මට්‌ටමට අනුකූලව එය සකස්‌ කිරීම පිළිබඳවයි. පවතින මට්‌ටමට අනුකූලව ගැලපෙන ලෙස පුළුල් විෂය ධාරාව සීමා කිරීම කළ යුතුයි.

එමෙන්ම නිර්දේශය සඳහා යොදා ගන්නා සංකල්ප නිශ්චිත වීම අනිවාර්ය සාධකයක්‌. විෂය ධාරාවන් සුදුසු ලෙස බෙදී ගොස්‌ නොමැති වීම දුර්වලතාවක්‌. සමහර ඒවා තුළ නැවත නැවත එකම දේ උගන්වන තත්ත්වයක්‌ තිබෙනවා. එය වර්ධනීයව වෙනස්‌ කළ යුතුයි. පාසල් ශිෂ්‍යයන්ගේ වයසට සරිලන ලෙස යම්කිසි තාර්කික සම්බන්ධයක්‌ ලෙස මෙය ගැලපිය යුතුයි. සමස්‌තයක්‌ ලෙස බැලූ විට විශිෂ්ට පියවරක්‌ වර්තමානයේ අධ්‍යාපන ක්‍රියාවලිය තුළ තබා තිබෙනවා. නමුත් මෙය තවදුරටත් ක්‍රමානුකූල විය යුතුයි. නිශ්චිතවම හැඩගැසිය යුතුයි. තවම මෙය තරුණ විෂය නිර්දේශයක්‌. තවම මෙහි ආරම්භය පමණක්‌ නිසා ඉදිරියේදී මේ සියලු අඩුපාඩු මඟහැර මෙය සංවර්ධනය විය යුතුයි.



 අචිනි ජයම්පති/චතුරිකා නිල්මිණි /මූලාශ්‍රය- දිවයින

1 comment:

  1. Win real money with a BetRivers Casino - Jetblue Casino
    With the BetRivers Casino you can 전라남도 출장샵 access 대전광역 출장샵 all your favorite casino 문경 출장마사지 games and play 서산 출장안마 all your favorite games 인천광역 출장샵 including roulette, blackjack,

    ReplyDelete

blog

uk blog reader

TRUST ගැන

TRUST අන්තර්ජාල මාධ්‍ය සඟාරාව ඔබ වෙත පිරිනමන්නේ ඉමහත් සතුටෙන්. මෙම සඟරාව මාධ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් කථිකාවක් ගොඩනැගීම අරමුණු කරගෙන ආරම්භ කර තිබෙන්නේ. විශේෂයෙන් සන්නිවේදන විෂය හදාරණ පිරිස් වෙත දැනුම බෙදාදීමේ මාධ්‍ය සඟාරාවේ ප්‍රමුඛ අභිප්‍රාය වී තිබේ. එය ජයගනු සඳහා ඔබගේ දායකත්වය සැමදා අප බලාපොරොත්තු වෙමු. TRUST අපි

On line

 

ජනමාධ්‍ය ගැන අලුත් විදියට දකිනවද?

ජන සන්නිවේදනය, ජනමාධ්‍ය විෂය ක්ෂේත්‍රයේ ඔබගේ දැනුම බෙදා ගන්න අප සමඟ එක්වන්න.. ඔබගේ සාරගර්භ අඳහස් අපවෙත ලියන්න.ජනමාධ්‍ය ගැන අලුත් විදියට දකිනවද?

Face book

අඳහස්

TRUST අන්තර්ජාල මාධ්‍ය සඟරාවේ පළ කෙරෙන ලිපි සහ විශේෂාංගවල කියැවෙන අඳහස් එම ලේඛකයන්ගේ අඳහස් බව සලකන්න
Designed By Blogger Templates - Published By Gooyaabi Templates | Powered By Blogger