තාක්ෂණික විප්ලවය අප බලාපොරොත්තු වුවත් එය සමාජ සංකල්ප ද විප්ලවීය ලෙස වෙනසකට භාජනය කරන බව මාධ්‍ය භාවිතය තුළ අප මේ වනවිටත් අඩු වැඩි වශයෙන් දන්නවා.
නූතන මාධ්‍ය මෙවලම් භාවිතය හේතුවෙන් නූතන පුරවැසියාගේ මාධ්‍ය ඉඩකඩ පුළුල් වී තිබෙනවා. ඉන් සිදු වී තිබෙන භායනකම තත්ත්වය වන්නේ පෞද්ගලිකත්වය හැකිළී යාමයි.
පෞද්ගලිකත්වය හා පොදු බව මාධ්‍ය හැසිරීමේ දී මාධ්‍යයට තිබෙන වගකීමක්. පෞද්ගලිකත්වය කෙතරම් දුරට නිරාවරණය කරන්නේ ද යන්නට නිසි ක්‍රමයක් භාවිතයේ නොතිබුණ ද මාධ්‍ය විසින් ම තනාගත් ආචාර ධර්ම යාන්ත්‍රණ තුළ ස්වයං පාලනයට ගන්නා අවස්ථා දකින්නට තිබෙනවා.
කෙසේ වෙතත් අධ්‍යයතන මාධ්‍ය මෙවලම්,වන කොම්පියුටර ඩිජිටල් ජංගම දුරකතනය, වෙගවත් අන්තර්ජාල පහසුකම් භාවිත කරන නූතන පුරවැසියා එහි සීමා මායිම් පිළිබඳව නිසි අවබෝධයකින් තොරව කටයුතු කරන බවක් පෙනෙන්නට තිබේ.
මාධ්‍ය ආගමක් ලෙස ඇතැම් තැනක නිර්වචනය කරන සන්නිවේදන විද්වතුන්,එහි බලපෑම අතිශය ප්‍රබල සමාජ වෙනසකට නතු කරන ආකාරය පෙන්වා දෙනවා. අද සමාජයේ සියලු දෙනා මාධ්‍ය කරුවෝ යන කියමන කෙතරම් දුරකට සාධාරණ ප්‍රකාශයක් දැයි සිතන්නට වන්නේ මාධ්‍ය සතු ගුණාත්මක භාවිතාවන් අභියෝගයට ලක් කරමින් සිදු කෙරෙන තාක්ෂණික මාධ්‍ය භාවිතාව නිසාය.
තාක්ෂණය මඟින් ලබාදෙන්නා වූ පහසුකම් අවභාවිතය කිරීමට සාධාර්ණ සමාජයකට අයිතියක් තිබේදැයි යන්න සමාජ කථිකාවක් ගොඩනැගීම අවශ්‍යයි. තාක්ෂණය භාවිත කරන්නේ කිසේද එහි සීමාව කළමනාකරණය කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව අවබෝධයක් තිබිය යුතුය.
විශේෂයෙන් පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ ස්ථාන කීපයක ජංගම දුරකතන නිසාම සිදු වූ මාර්ග අනතුරු හා මරණ කීපයක් වාර්තා වන්නේ පෙර සඳහන් කළ තාක්ෂණික විනය අප තුළ නොතිබීම නිසා යැයි පැවසිය හැකියි.
බහු මාධ්‍ය මෙවලම් හේතුවෙන් සිදුවන බහු මාධ්‍ය ක්‍රියාවලිය තෝරා ගැනීමට තරම් සාක්ෂරතාවක දුගී බවකින් සමාජය පෙළෙන් අබව පෙනෙන්නට තිබේ.අප නිසි ලෙස ජංගම දුරකතනයක භාවිතය කියවා තිබේද? රූපවාහිනී තාක්ෂණය හේතුවෙන් ලෝකයේ බෝහෝ කථිකාවන් ගොඩ නගුණා. යක්ෂයාගේ පෙට්ටිය ලෙස වරක් හදුන්වනු ලැබුවේ මෙම නිසා විය හැකිය. නිසි කියවීමක් තිබුණේ නම් රූපවාහිය භාවිතයේ විනයක් සමාජය තුළ ක්‍රියාත්මක වූවා නම් එයට බිය වීමක් අවශ්‍ය වන්නේ නැත.
බහු ජාතික සමාගම් ඔවුන්ගේ නූතන ආක්‍රමණය සිදු කරන්නේ මෙම නූතන මාධ්‍ය මෙවලම් ඔස්සේ ය. එහි වහළුන් බවට පත් කරගන්නා ප්‍රචාරක යාන්ත්‍රණයට අප හසුවන්නේ, අපගේ සියලු අවශ්‍යතා එක බොත්තමකට සීමා කරමින්. තෝරාගැනීමේ අයිතිය ද පුරවැසියා අතින් උදුරාගැනීමට සමත් වී සිටින මෙම නූතන මාධ්‍ය මෙවලම්, ඔවුන් විසින් තෝරා ලබාදෙන දෑ ගිලදැමීමට පමණක් අපට බල කරයි.
ක්‍රමක් ක්‍රමයෙන් තාර්කික කියවීම අපෙන් ඈත්කර දමන්නට සමත්වන මෙම ආක්‍රමණිකයා අපගේ ස්වයං චින්තන රටාව විනාශ කර දමයි.එයින් සිදුවන්නේ අප නොදැනුවත්වම තොරාගැනීමේ අයිතිය අපගෙන් අමතක කරලීමයි.
සමාජ මාධ්‍ය භාවිතය තුළද අපට මුහුණ පාන්නට වී තිබෙන්නේ මේ අභියෝගයකටය. එය නිසි කළමනාකරණයකින් භාවිත කළ යුතු තත්වයකට දන් පමිණ තිබෙ. මේ වනවිට සමාජ මාධ්‍ය ජාලා පුද්ගලයා තික්‍රමණය කර අවසන්ය.
සමාජ ජාලා මාධ්‍ය මඟින් ඔබගේ පෞද්ගලිකත්වය ආක්‍රමය කර අවසන් ය. තාක්ෂණ මෙවලම් භාවිතයේ හැඩය අවබෝධ කර නොගැනීම නිසා සමාජ මාධ්‍ය ජාලා අතර අතරමංව සිටියි.
සමාජ සම්බන්ධතා, සමාජ ක්‍රියා තාක්ෂණික මෙවලමක් සමඟ ගණුදෙනු කිරීමට තරම් පුද්ගලයා හුදකලා තත්ත්වයට ඇදදමා තිබෙ.මෙහි ඇති බරපතලම තත්ත්වය නම් සමාජ සංවේදීතාවන් ක්‍රමයෙන් ගිලිහී යාමයි. පියාගේ දේහය ළඟද සෙල්ෆි ගහන්නේ මේ ඛේදවාචකය නිසාය. භාවිතාව කුමක්දැයි නොදන්නා නිසායි.
නූතන මාධ්‍යයට සංස්කෘතියක් නැත. නූතන මාධ්‍ය සංස්කෘතිය අතිශය ගතිකය. එය විදුරුවේ හැඩය ගන්නා ජලය සේය. එක් එක් සමාජ තල මට්ටමින් ඉක්මනින්ම අවශෝෂණය වෙයි.එම සංස්කෘතියට සමාජ බැදීම නැත. ආදරය, සෙනෙහස, සංවේදනා නැත.පෞද්ගලිකත්වයක් නැත.
නූතන තාක්ෂණික මෙවලම් අවශ්‍ය යැයි කෙනෙකු තර්ක කළ හැකිය. එය සැබෑය. අවශ්‍යය. ඔබගේ ජංගම දුරකතනය ඔස්සේ ඔබ වෙත ගලා එන නොයෙකුත් කෙටි පණිවුඩ ඔබ ඉල්ලු දේවල් ද? ඔබට අවශ්‍ය දේ ද? ඔබ කරන්නේ ඇය අනුමත කිරීම හෝ නොකිරීම නම්, කරන්නට තිබෙන්නේ කුඩා බොත්තමක් තද කිරීම පමණි. එතැනින් එහාට ඔබව පාලනය කර තිබෙන්නේ කවුරුද?
තාක්ෂණය තුළ වහලකු වීම අතිශයින් පහසුය.එය අප වෙත ලබාදී ඇත්තේ කුමන අරමුණක් සඳහාද යන්න විමසා බැලීමට දැන් කාලය පැමිණ අවසන්ය. තාක්ෂණ භාවිතය කෙසේ දැයි කියවා බැලිය යුතුය.
මන්ද මේ වනවිටත් පුරවැසියා ගලවා ගත නොහැකි තරමට ම තාක්ෂණික වහලකු බවට පත් වී අවසන් නිසාය.
පී. රත්නායක

👍
ReplyDelete