
කෙසේ වෙතත් මේ ත්‍රස්ත ප්‍රහාරය සිදු වී සුළු වේලාවකින් මුළු ලෝකයේම අවධානය ඒ වෙතඑල්ල වුණා. දෙස් විදෙස් මාධ්‍යවල වැඩි අවධානයක් යොමු වුණේ, බංගලාදේශයට එල්ල වූ මෙම ප්‍රහාරය පිළිබඳවයි. මෙම ප්‍රහාරය නිසා මේ වනවිටත් පුද්ගලයන් විස්සක පමණ පිරිසක් ඝාතනයට ලක්ව තිබෙනවා.ප්‍රහාරයට පැමිණි පිරිස විදේශිකයන් ප්‍රාණඇපයට ගත්තා. ඒ අතර ඉතාලි, ජපාන, ශ්‍රී ලාංකාව ඇතුළු රටවල් කීපයක විදේශිකයන් සිටියා.
මෙම ප්‍රහාරයේ අයි.එස්.අයි.එස් සංවිධානය විසින් භාරගෙන තිබුණත් බංගලාදේශ බලධාරීන් එය පිළිගන්නේ නෑ. සිදුවීම සම්බන්ධයෙන් වෙනත් ජාත්‍යන්තර ඉස්ලාමික අන්තවාදී සංවිධානයක සම්බන්ධතාවක් ද යන්න සොයාබැලීමට දැනටමත් විමර්ශන අරඹලා.
ත්‍රස්තවාදයට එරෙහිව නැඟී සිටීම
ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ බංගලාදේශ අග්‍රාමාත්‍ය ෂීක් හෂීනා මහත්මිය ත්‍රස්ත ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බවත් ත්‍රස්තවාදයට එරෙහිව සියලු දෙනා නැගී සිටිය යුතු බවත් ප්‍රකාශ කළාය.
ජනමාධ්‍ය සුපුරුදු වාර්තාකරණය
ප්‍රහාරය එල්ල වීමත් සමඟ දෙස් විදෙස් ජනමාධ්‍ය සුපුරුදු වාර්තාකරණය ආරම්භ කළා. ඇමෙරිකානු ත්‍රස්ත ප්‍රහාරය එල්ල වීමෙන් පසුව එරට ජනමාධ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව සුවිශේෂී මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක කළත් බන්ගලාදේශ ජනමාධ්‍ය විසින් හුදු සිදුවීම පමණක් වාර්තා කිරීමට කටයුතු කළා.
බංගලාදේශ අගමැතිණියගේ අප්‍රසාදය
මේ වනවිට බංගලාදේශ අගමැතිණිය විසින් ජනමාධ්‍ය වෙත සිය අප්‍රසාදය පළ කර තිබෙනවා. වගකීමකින් තොරව මාධ්‍ය ත්‍රස්ත ප්‍රහාරය සජීවී ලෙස වාර්තා කළ බවට චෝදනා එල්ල වෙලා
ඇතැම් මාධ්‍ය විසින් කළ ප්‍රචාර නිසා අයි එස්.අයි එස් සංවිධානයට වඩා ප්‍රචාරයක් ලැබුණු බවයි පවසෙන්නේ. ඇතැම් ප්‍රාදේශීය පුවත් පත් ආගමික ස්වභාවයක් සිද්ධියට ඇතුළත් කිරීමට තම මාධ්‍ය වාර්තා මඟින් කටයුතු කර තිබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
අග්‍රාමාත්‍ය ෂීක් හසීනා මහත්මිය එරට රූපවාහිනී මාධ්‍ය මඟින් ප්‍රකාශ කර ඇත්තේ සිදුවීම ඉතා කෲර ක්‍රියාවක් බවයි.මොවුන් මනවගේද? මොන ආගමේ ද? බංගලාදේශයේ ත්‍රස්තවාදය මුලිණුපුටා දැමීමට කටයුතු කර තිබෙනවා.
''It was an extremely heinous act,” Prime Minister Sheikh Hasina said in a televised statement, according to the BBC. “What kind of Muslims are these people? They don’t have any religion. My government is determined to root out terrorism and militancy from Bangladesh.''
ඉන්දියානු පුවත් පත් මෙම ප්‍රහාරය පිළිබඳව වාර්තා කර තිබුණා. බංගලාදේශයේ අසාර්ථකවීම ගැන සටහන් කර තිබුණා. ෂීක් හසීනා රජය විශ්වසනීයත්වයේ සහ නීත්‍යනුකූලභාවය පිළිබඳව ගැටළුවකට මුහුණ පා තිබෙන බවත් රැඩිකල්වාදයට සහ අන්තවාදයට එරෙහිව සටන් කිරීමට යැයි සටහන් කර තිබුණා.
බංගලාදේශ අග්‍රාමාත්‍යවරිය විසින් සජීවී ලෙස ප්‍රහාරය විසුරුවා හැරීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කර තිබෙන විවේචනය ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.
Bangladesh PM Sheikh Hasina criticises TV channels for live coverage during attack
Bangladesh PM Hasina asked the television owners to telecast the bad side of militancy, "It is the responsibility of all" ( indian Express)
බංගලාදේශ රූපවාහිනී නාළිකාවලට චෝදනා
රූපවාහීනි අයිතිකරුවන්ගේ මෙම වගකීම් විරහිත ක්‍රියාව සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබුනා.මෙවැනි වාර්තා කිරීම යළි සිදු නොකිරීමට වගබලාගන්නා ලෙස බංගලාදේශ අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කර තිබුණා. ඇමෙරිකාවේ CNNහෝ BBC ය මෙවැනි වාර්තා කිරීම් සිදු නොකරන බවත් අපේ රටේ රූපවාහිනී නාලිකාවල තරඟය නිසා මෙවැන්නක් සිදු වී තිබෙන බවත් ඇතැම් රූපවාහිනී නාළිකා සවන්දීමක්වත් සිදු නොකරන බවත් අග්‍රාමාත්‍යවරිය විද්‍යුත් මාධ්‍ය වෙත චෝදනා එල්ල කර තිබෙනවා.
අන්තර්ජාල විදෙස් තොරතුරු ඇසුරෙන්
පී.රත්නායක
No comments:
Post a Comment