Trending
තොරතුරු ප්‍රාග්ධනයේ යුගයක්- ආචාර්ය චරිත හේරත්...........මාධ්‍ය දඬබීමක් වූ සිරියානු යුද ගැටුම්

Tuesday, July 26, 2016

යුක්රේනයේ සදාතනික ජනමාධ්‍ය ඝාතන

යුක්රේනයේ ප්‍රවීන ජනමාධ්‍යවේදියෙකු වූ Pavel Sheremet පසුගියදා ඉතාමත් බිහිසුණු ආකාරයට ඝාතනය වී තිබෙනවා. ඔහුගේ මරණය සම්බන්ධයෙන් යුක්රේනයේ පාලන අධිකාරිය පුළුල් විමර්ශනයක් මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
මාධ්‍යවේ දී Sheremet ඝාතනය වීම සම්බන්ධයෙන් සාධාරණ යුක්තියක් ඉටු විය යුතු බව ජාත්‍යන්තර CPJ ආයතනයත් මේ වනවිට නිවේදනය කර අවසන්.

Sheremet මිය යනවිට 44 වියේ පසු වුණා. සිය කාර්  රථයෙන් ගමන් කරමින්සිටින අවස්ථාවේ දී ඔහු බෝම්බ ප්‍රහාරයට ලක්ව ඇත්තේ. බෝම්බ ප්‍රහාරයෙන් ඔහු ගමන්කගත් කාර් රථය බරපතල ලෙස පිලිස්සී ගොස් තිබුණ.

Sheremet ස්වාධීනව මාධ්‍ය කටයුතු සිදු කිරීමට උත්සහ ගත් ප්‍රවීන ජනමාධ්‍යවේදියෙක්. මිය යනවිටත් ඔහුUkrainska Pravda නම් පුවත් වෙබ් අඩවියේ ප්‍රධාන  සංස්කාරකවරයා ලෙස කටයුතු කළා.



Sheremet 1998 දී ජාත්‍යන්තර මාධ්‍ය නිදහස් වෙනුවෙන් වූ සම්මානයෙන් පුද ලබනවා. ඔහුගේ අප්‍රතිහත් ධෛර්යය,කැපවීම,අගය කරමින් මෙම ජනමාධ්‍ය සම්මානය ඔහුට ප්‍රදානය කරන්නට යෙදුන බවයි CPJ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ Joel Simon මහතා පවසන්නේ.

Sheremetඝාතනය කිරීමෙන් පමණක් යුක් රෙනයේ ජනමාධ්‍යවේදීන් බිල්ලට ගැනීම නතර වී නෑ. මෙම ඝාතනයත් ජනමාධ්‍යවේදීන් ඝාතන රැල්ලේ ආසන්නම සිද්ධියයි. මීට පෙර වසර 2000 දීGeorgy Gongadze ප්‍රධාන කර්තෘ වරයා Ukrainska pravda  සේවය කරමින් සිටිය දී පැහැරගෙන ගොස් හිස ගසා ඝාතනය කොට තිබුණා.


 යුක්රේන ජනාධිපති සිදුවීම තරයේ හෙළා දැක තිබුණාSheremetදේශපාලන විශ්ලේෂණාත්මක ලිපි සම්පාදනය කර තිබුණා.යුක් රේන බලධාරීන්, පොලීසිය දූෂණ හා වංචා කටයුතුවලට හවුල් බවට ඔහුගේ මාධ්‍ය භාවිතාවෙන් විවේචනයට ලක් කර තිබුණා.


මේ නිසාම, ජාත්‍යන්තර මාධ්‍ය සංවිධාන  ඔහුගේ ඝාතනය පිළිබඳව සැක පළ කරන අතර ඝාතනය පිළිබඳව කඩිනම් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා සිටිනවා.Sheremet පෙළපත බෙලරුස්,ඔහු මීට පෙර 1997 දී තුන් මසකට සිරගත කරනු ලැබුවා. 2010 දී ඔහුගේ පුරවැසිභාවයද අහිමි වන්නේ අමිහිරි අත්දැකීම් අනාගතයටත් ඉතිරිකරමින්.




අන්තර්ජාල තොරතුරු ඇසුරෙනි-
පී.රත්නායක

No comments:

Post a Comment

blog

uk blog reader

TRUST ගැන

TRUST අන්තර්ජාල මාධ්‍ය සඟාරාව ඔබ වෙත පිරිනමන්නේ ඉමහත් සතුටෙන්. මෙම සඟරාව මාධ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් කථිකාවක් ගොඩනැගීම අරමුණු කරගෙන ආරම්භ කර තිබෙන්නේ. විශේෂයෙන් සන්නිවේදන විෂය හදාරණ පිරිස් වෙත දැනුම බෙදාදීමේ මාධ්‍ය සඟාරාවේ ප්‍රමුඛ අභිප්‍රාය වී තිබේ. එය ජයගනු සඳහා ඔබගේ දායකත්වය සැමදා අප බලාපොරොත්තු වෙමු. TRUST අපි

On line

 

ජනමාධ්‍ය ගැන අලුත් විදියට දකිනවද?

ජන සන්නිවේදනය, ජනමාධ්‍ය විෂය ක්ෂේත්‍රයේ ඔබගේ දැනුම බෙදා ගන්න අප සමඟ එක්වන්න.. ඔබගේ සාරගර්භ අඳහස් අපවෙත ලියන්න.ජනමාධ්‍ය ගැන අලුත් විදියට දකිනවද?

Face book

අඳහස්

TRUST අන්තර්ජාල මාධ්‍ය සඟරාවේ පළ කෙරෙන ලිපි සහ විශේෂාංගවල කියැවෙන අඳහස් එම ලේඛකයන්ගේ අඳහස් බව සලකන්න
Designed By Blogger Templates - Published By Gooyaabi Templates | Powered By Blogger