'' වගවීම''. එය ඕනෑම ආචාර ධර්ම පද්ධතියකම තිබෙනවා.වගවීම
යන්නට විශාල ගැඹුරක් තිබෙනවා.'' වගකීමෙන් ද කියන්නේ'' කියන කරුණ නොවෙයි.
වගවීම යනු'' වැරදි නම් එය නිවැරදි කිරීමට සූදානම් '' යන්නයි''- අචාර්ය රංග කලංසූරිය
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් අචාර්ය රංග කලංසූරිය මහතා විසින් ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් සම්පාදනය කළ ඡායාරූපශිල්පීන් සඳහා වන ආචාර ධර්ම පද්ධතිය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගීවෙමින් කළ දේශනය ඇසුරිනි.
ශ්‍රී ලංකාවේ ඡායාරූප මාධ්‍යවේදීන් ඒකරාශීවීමකින් ආචාර ධර්ම පද්ධතියක් එළිදැක්වීමට කටයුතු කිරීම සතුටට කරුණක්. ආචාර ධර්ම පිළිබඳ පුහුණු කරුවෙකු ලෙස ඒ පිළිබඳව යම් ජාත්‍යන්තර අද්දැකීම් ප්‍රමාණයක් තිබෙනවා.
ආචාර ධර්ම කියා අපි හඳුන්වන්නේ, සාමාන්‍ය නීතියෙන් ආවර්නය නොවන නීතියට එහා ගිය අපේ වටිනාකමටයි.නීතිය කැඩ්වෙන්න පුළුවන්. අපි නීතිය හඳුන්වන්නේ කැඩි රාමුවකින්.එය තනි ඉරකින් සැකසූ රාමුවක් නොවේ.නිදහස් අරගලයේ දී ගාන්ධිතුමා කිව්වේ සිවිල් නීති කඩන්න කියලයි.නීතිය කඩන්න පුළුවන්. මිනිස්සු නීති කඩනවා.
ඉන් පිටත තවත් රාමුවක් තිබෙනවා.එය පෙන්වන්නේ කැඩි රාමුවක් නොවේ.දැඩි කළු ඉරකින්. පවුල නිසා,පරපුර නිසා, වෘත්තිය නිසා,දෙමව්පියෝ නිසා,ආගම නිසා කරන්නේ නෑ.අපි ආචාර ධර්ම ලෙස රාමුවක් දමාගන්නේ.මෙයයි සරළම හැදින් වීම. එය කෙසේවත් මිනිසුන් කඩන්නේ නෑ.
විශාල අරගලයක් මෙහිදී මාධ්‍යවේදීන්ට කරන්න තියෙනවා.Code of Ethics කියලා එකක් තියෙනවා, Code of Conducts කියලා තව එකක් තියෙනවා.ආචාර ධර්ම පද්ධතිය එකක්,අනෙක චර්යා ධර්ම පද්ධතියයි.අපට මෙතැනදී වෘත්තීය අරගලයක් තිබෙනවා.
ආචාර ධර්ම සංස්කෘතියක් සමඟ වෙනස් වෙනවා.ගාල්ලේ සිටින කෙනාගේ ආචාර ධර්ම නොවේ ඇතැම්විට අනුරාධපුරයේ සිටින කෙනාගේ තිබෙන්නේ.ඒවා වෙනස් වෙනවා.
පුවත්පත් ආයතනයේ සිටින කාලයේ (IFJ) එක පාදක කරගෙන ලංකාවට ආචාර ධර්ම පද්ධතියක් සකස් කළා.තව රටවල් කීපයක භාවිතා කළා. අප්‍රිකාවට ගියා මේ මොඩියුල් එක අරගෙන.අපි සිම්බාබේ රටේ කර්තෘවරුන්ට මේ ගැන කතා කළාම, අපි ඇසුවා රටක අගවිනිසුරුට වෙනත් අඹුවක් සිටිනවා නම් එය වාර්තා කරනවාද? කියා. සාමාන්‍ය පන්ති කාමරය නම් දෙකට බෙදිලා, එය වාද කරගන්නවා.ඔය වාදය තමයි ප්‍රවෘත්ති කාමරයක සිදු විය යුත්තේ.වෙනත් අඹුවක් සිටිනවා නම් එය ජනතාව දැනගත යුතු පුවතක්ද? ලියනවාද නැද්ද යන්න ගැන විමසුවා.
අප්‍රිකාවේ මෙය විමසුවාම ඔවුන් කිව්වා මෙය වාර්තා නොකරන බව. ඇයි එසේ සිදු වුණේ.එය රටේ සාමාන්‍ය දෙයක් එරටේ. එහි ප්‍රවෘත්ති වටිනාකමක් නෑ.එය සංස්කෘතියේ බලපෑමයි.මෙය ආසියානු රටවල හොඳටම වටිනවා.අප්‍රිකාවට එසේ නෑ. මෙහිදී ආචාර ධර්ම ලෙස උගන්වන දේ සංස්කෘතිය සමඟ ගැටෙනවා.
ආචාර ධර්මවල මූලික ලක්ෂණ හතරක් තිබෙනවා.එකක් නිරවද්‍යතාව. අපිට සත්‍ය කියන දෙය ගන්න බෑ.අපි සත්‍ය කියන දේ වැරදී.මාධ්‍යවේදීය සමඟ සත්‍ය ගාවන්න එපා.අපිට සත්‍ය පිළිබඳව වගකීමක් තිබුණත්,අපිට සත්‍ය වාර්තා කරන්න බෑ.අපි සත්‍ය සොයන්න අවශ්‍යයි. ප්‍රභාකරන් ඝාතනය වූ හැටි දන්නවාද? රෝහණ විජේවීර ඝාතනය වූ හැටි දන්නවාද? එකක් දන්නවා ප්‍රභාකරන් ඝාතනය වුණා කියන නිවරද්‍යතාව දන්නවා.සත්‍ය සොයන්න බොහෝ කලක් යයි. කෙනඩි ඝාතනය සත්‍ය අපි තාම දන්නේ නෑ. අපි කොහොමද සොයන්නේ. සත්‍ය යනු ක්‍රියාදාමයක්.කිසිම ආචාරධර්මයක සත්‍ය යන්න භාවිතා කරන්නේ නෑ. එය ක්‍රියාවලියක් පමණයි.සත්‍ය සොයන්න කියලයි සඳහන් වන්නේ. නිරවද්‍යතාව ඡායාරූප මාධ්‍යවේදයෙත් එකයි.කිසියම් කෙනෙක් කියනවානම් අපි වාර්තා කරන්නේ සත්‍ය කියා, එයයි ලොකුම බොරුව.අපි දන්නේ නැතිව සත්‍ය වාර්තා කරන්න බැහැ.
දෙවැනි කරුණ '' වගවීම''. එය ඕනෑම ආචාර ධර්ම පද්ධතියකම තිබෙනවා.වගවීම යන්නට විශාල ගැඹුරක් තිබෙනවා.'' වගකීමෙන් ද කියන්නේ'' කියන කරුණ නොවෙයි. වගවීම යනු'' වැරදි නම් එය නිවැරදි කිරීමට සූදානම් '' යන්නයි.
එතැනයි වගවීම කියන්නේ.තමන්ගේ ඡායාරූපයෙන් වරදක් වුණානම් එය නිවැරදි කරන්න සූදානම් කියන එකයි. අනෙක් වැදගත් ම කාරණය වන්නේ '' හානිය අවම කිරීමයි.''මෙයයි ඡායාරූප මාධ්‍යවේදයේ දී වැඩිම කාලයක් ගන්නා කාරණය.කරුණාකර හානිය අවම කරන්න.ලියන කෙනාට වචන භාවිතයෙන් හානිය
අවම කරන්න පුළුවන්.එහෙත් රූප භාවිතයේ දී විශාල වගකීමක් එන්නේ ඡායාරූප මාධ්‍යවේදියාටයි.
බෙල්ල වැල දාගන්නා පින්තුර භාවිතා කිරීම අමු අමුවේ ආචාර ධර්ම කැඩීමක්. එවැනි පින්තූරයක් භාවිතා කරන්න බෑ.එය අන්තර්ජාතික ලෙසම ආචාරධර්ම උල්ලංඝනය කිරීමක්.මේවාට නියාමනය නෑ. එයයි ප්‍රශ්නය.ආපදා වාර්තාකරණයේ දී කාන්තාවන්, ළමුන් පෙන්වීමේ දී අතිශය සංවේදී විය යුතුයි.අද එවැන්නක් පේන්න නෑ.එය කණගාටුවට කරුණක්.
මාධ්‍ය විසින් දරුවන් නැවත නැවත් දූෂණය කළ අවස්ථා ඝාතනය කළ අවස්ථා තිබෙනවා.මාධ්‍යවේදීන්ගේ උපරිම වගකීමක් තමයි හානිය අවම කිරීම.එය ආචාරධර්මවල දැඩිව පෙන්වා දෙන කාරණයක්.
සිව්වැනි කරුණ'' ස්වාධීනභාවයයි.''මෙය ලොකු ප්‍රශ්නයක්.අඩු වැටුපක් තියෙන අයට කියන්න බෑ ආචාර ධර්ම රකින්න කියන්න. නිසි ලෙස ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට ගෙවන ආයතන කීයද තියෙන්නේ.අපි කෙසේද ආචර ධර්ම රකින්න කියන්නේ.හොඳට ගෙවන්න අවශ්‍යයි. ආචාර ධර්ම තිබෙනවා. මේවා ක්‍රියාත්මක කරන එකයි
ප්‍රශ්නය. ආචර ධර්ම කැඩුවොත් කැමරාව ආපසු ගන්නවාද? හැම අරගලයකම හිර වුණේ ඔතනයි. වෛද්‍යවරුන්ට තිබෙනවා. මේවා නියාමනය කරන්න ඕන. කොතැනින් හරි වෘත්තීයභාවය හදන්න අවශ්‍යයි. මෙය නියාමනය කරන්නේ
කොහොමද? අපේ සාමාජිකයෙක් මෙය බිඳ දැමුවහොත් අපි කටයුතු කරන්නේ කොහොමද? යම් කිසි නියාමනයක් අත්‍යාවශ්‍යයි. ආණ්ඩුව මැදිහත් වී නොවෙයි.ඔබම සාකච්ඡා කරගන්න.වෘත්තීය නගාසිටුවීමට ඒවා නියාමනයක් නොමැතිව සිදු කරන්න බෑ.
පී. රත්නායක
No comments:
Post a Comment