මෙරට ඡායාරූප කලාවේදීනට විශාල අඩුපාඩුවක්ව තිබූ ආචාරධර්ම සංග‍්‍රහයක්
සම්පාදනය කොට ජනගත කිරීම ජූලි මස 02වැනි සෙනසුරාදා කොළඹ මහජන පුස්තකාල
ශ‍්‍රවණාගාරයේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය පියවර ගෙන
තිබේ.
ප‍්‍රවෘත්ති, තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන, පාසල් අධ්‍යාපන
සහ සංස්කෘතික යන අංශවල ප‍්‍රධානීන් මූලික කොටගනිමින් මෙම ආචාරධර්ම
සංග‍්‍රහය දොරට වැඩුම සිදුකෙරේ.
එසේම ලංකාව පුරා විසිරී සිටින ඡායාරූප සංගම්වලට සහ ඡායාරූප කලාවේදිනට
ආචාරධර්ම සංග‍්‍රහය තම වෘත්තීය කටයුතුවලදී මාර්ගෝපදේශ සංගහයක් ලෙස භාවිත කළ
හැකිවෙයි.
මෙම ඡායාරූප ශිල්පී ආචාරධර්ම සංග‍්‍රහය, මහාචාර්ය
චන්ද්‍රසිරි පල්ලියගුරු, මහාචාර්ය මාපා තිලකරත්න සහ ආචාර්ය ඩී.එම්.
කරුණාරත්න යන විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක අධීක්‍ෂණය යටතේ ශ‍්‍රී ලංකා
ජාතික ඡායාරූප කලා සංගමය මගින් සම්පාදනය කොට ඉදිරිපත් කරනු ලබන්නකි.
No comments:
Post a Comment