Trending
තොරතුරු ප්‍රාග්ධනයේ යුගයක්- ආචාර්ය චරිත හේරත්...........මාධ්‍ය දඬබීමක් වූ සිරියානු යුද ගැටුම්

Tuesday, June 28, 2016

ජාතික ඉතිහාසය නව සුසංවාදයක් දෙසට

කිසියම් රටක ඉතිහාසය (මෙහි දී ඉතිහාසය යන පදයෙන් මනුෂ්‍ය ප‍්‍රගමනය පිළිබඳ සමස්ත ක‍්‍රියාවලිය අදහස් කර ඇත.) පිළිබඳ ව එරට පුරවැසියන් තුළ පවතින සංජානනය පුරවැසියාත් ඔහු උපන් භූමියත් අතර අවියෝජනීය සබඳතාව ගොඩ නැගීමට ඉවහල් වන ප‍්‍රධාන මානසික උත්තේජනයයි.
මානව සමාජය සිය ඉතිහාසය ගැන ස්වභාවිකව සංවේදී වන නිසාම අනන්‍යතාව පිළිබඳ අදහස ජනනය වේ මාතෘභූමිය යන සංකල්පය එහි ප‍්‍රධානතම ප‍්‍රතිඵලයයි. නමුත් ඉතිහාසමුක්ත සමාජ (අහිස්ටොරිcඅල් සොcඊටීස්) පිළිබඳ අදහසක් දැන් සාකච්ඡාවට ලක් වෙමින් තිබේ. ඉන් අදහස් කරන්නේ ඉතිහාසයට ප‍්‍රවේණියක් නොමැතිව වර්ධනය වීමට තැත් දරන සමාජයි. එවැන්නක් පැවතිය හැකි නමුදු ඒවා සමාජමය වශයෙන් අතර්කානුකූල වන බව විවිධ අවස්ථාවල ක‍්‍රියාකාරීත්වයෙන් පෙන්වා දී තිබේ. තාක්ෂණවාදි අස්තිත්වයක් (ටෙච්නොcරටිc එන්ටිට්ය්) සේ පෙනෙන අමෙරිකානු මහා සමාජයේ දිස්වන අන්තර්පුද්ගල සංකූලතා ඔවුන් ඉතිහාසයෙන් දුරස්වන තරම පෙන්වයි.

ඉතිහාසය ජනසමාජයට බලපාන අන්දම දීර්ඝ ලෙස විස්තර කිරීම මෙම රචනයේ අරමුණ නොවන නමුදු එවැනි ප‍්‍රවේශයක් ලබා ගැනීම මෙම රචනයේ උද්ධෘතයෙන් ප‍්‍රකාශිත තේමාවට අදාලය. ඕනෑම සමාජයක අතීතය සම්බන්ධයෙන් විවිධාකාර දැනුම් පද්ධති පැවතිය හැකිය. නමුත් එහිදී ප‍්‍රධානත්වයට පත්වන්නේ සමකාලීන දේශපාලන-ආර්ථික සන්දර්භයට අනුගත වන අතීතයේ ඉතිහාසයයි. මෙහිදී ලිඛිත ඉතිහාසය වෙනත් කුමන මූලාශ‍්‍රයකටත් වඩා සමාජයේ සමස්ත ඉතිහාස සංජානනය ආකෘතිගත කිරීම වෙත තීරණාත්මක බලපෑමක් ඇති කරයි. සවිස්තරාත්මකවත් අඛණ්ඩවත් අතීතයට අයත් සිද්ධි සහ පුද්ගලයින් ගැන වෘත්තාන්ත ලේඛනගත ඉතිහාසය තුළ තිබෙන නිසා ඉතිහාසය කියවා ගැනීමට හෝ විශ්ලේෂණාත්මකව තේරුම් ගැනීමට ශාස්ත‍්‍රීය පළපුරුද්දක් නොමැති  ඕනෑම කෙනෙකුට ඒවා පහසුවෙන පරිහරණය කළ හැකිය. ලිඛිත ඉතිහාස ධාරණා සමාජයක් තුළ ජනපි‍්‍රයත්වයට පත්වීමට බලපාන එක් ප‍්‍රධාන හේතුවක් එයයි. මේ නිසා විද්‍යාත්මක නිරීක්ෂණ මත පදනම්ව ගොඩ නැගෙන පුරාවිද්‍යාත්මක දැනුම භාවිතයට පැමිණිම ප‍්‍රමාද වේ. එසේ නොවන්නේ නම් පුරාවිද්‍යාව පවතින ඉතිහාස දැනුම ස්ථිර කිරීමට අදාල මෙවලමක් ලෙස භාවිතයට ගැනේ විසිවන සියවසේ මෙරට පුරාවිද්‍යාව මෙරට ප‍්‍රධාන ඓතිහාසික භූමිදර්ශනයට අයත් අනුරාධපුර, පොළොන්නරුව හා සීගිරිය යන ස්ථානවලට සීමා විය. යටත්විජිතයට එරෙහිව නගන ප‍්‍රතිවිරෝධිතාවත් පශ්චාත් යටත් විජිත ආතතියත් යන කරුණු ඒ සියල්ල මෙහෙයවීය.

යටත් විජිතවාදී චින්තනය සහ ඉතිහාසය

යටත්විජිතවාදය යටත්වූවන් සතු සමස්ත දැනුම් ව්‍යුහයේ සියළුම අතු-ඉතිවලට බලපෑම් ඇති කරයි. එමගින් යටත්වූවන් පිළිබඳ අසාමාන්‍ය සවිස්තරාත්මක තොරතුරු රැස් කිරීමකට යොමු වන අතර එසේ රැස් කර ගත් තොරතුරු යටත්විජිත දර්ශනය හෙවත් ඔවුන් යටත් වූවන් දෙස බැලීම සඳහා නිර්මාණය කර ගත් ආකල්පමය රාමුවට ගැලපෙන පරිදි සංවිධානය කරනු ලබයි. යුරෝපය කේන්ද්‍ර කොට ගත් ඔවුන්ගේ චින්තන විධියට අනුව අන් සියළු භූගෝලීය අවකාශය ‘ලෝකයේ අවශේෂ කොටසයි’ (‘තෙ රෙස්ට් ඔෆ් තෙ වොර්ල්ඩ්’) මේ අදහස් සඳහා එම්. එල්. ප‍්‍රාට්ගේ (1992) ඓම්පෙරිඅල් Eයෙස්: ඨ්‍රවෙල් ව්‍රිටින්ග් අන්ඩ් ඨ්‍රන්ස්cඋල්ටුරටිඔන් යන කෘතියත් ඞී.ස්ප(ර්) විසින් රචිත (1993) ථෙ ර්‍හෙටොරිc ඔෆ් Eම්පිරෙ: Cඔලොනිඅල් ඪිස්cඔඋර්සෙ ඉන් Jඔඋර්නලිස්ම්, ඨ්‍රවෙල් Wරිටින්ග් අන්ඩ් ඓම්පෙරිඅල් ඇඩ්මිනිස්ට්‍රටිඔන් යන කෘතියත් ඇසුරු කළ යුතුය) . මෙකි අවශේෂ ලෝකය තුළ යුරෝපය නිසැකයෙන්ම ‘තමා’ (සෙල්ෆ්) බවට පත්වන අතර එහි අවශේෂ ලෝකය ‘අනෙකා’ (තෙ ඔතෙර්) බවට පත් වේ. 19වන සියවසේ මෙරට ඉතිහාසය සහ පුරාවිද්‍යාව සම්බන්ධයෙන් වැඩ කටයුතු ආරම්භ කළ යටත්විජිතය භාරව සිටි නිලධාරීන්ගේ ක‍්‍රියාකාරීත්වය මෙහෙයවන ලද්දේද මේ ආකල්පයමය. මෙරට පැවති ඓතිහාසික ගොඩනැගිලි සහ වැව්අමුණු ගැන ඔවුන් ලියා තිබෙන විස්තර අතිපෞරාණික පැවැත්මත් පිළිබඳ මතකයක් අප වෙතට ගෙන එන මුත් ඔවුන් විසින් අවධාරණය කළ අතිපෞරාණිකත්වය පිළිබඳ අදහස එවැනි සමාජයක් නූතනත්වය කරා පිවිසවීමේ අයිතිවාසිකමක් පිළිබඳ යුතුකමක් ඔවුන්ටම පවරා ගෙන යටත්විජිත ක‍්‍රියාවලිය යුක්තිසහගත කරලීමේ සන්දර්භයක් ගොඩ නැගූ බව අ විසින් අමතක නොකළ යුතුය.

යටත් විජිතවාදී ශාස්ත‍්‍රාලය මෙරට ඓතිහාසික චින්තන සම්ප‍්‍රදාය වර්තමාන ස්වරූපයට හැඩ ගැස්වීමෙහි ලා ප‍්‍රබල බලපෑමක් ඇති කළේය. මෙරට පාලන කටයුතුවල නියැලූනු ඉංශි‍්‍රසි ජාතික සිවිල් නිලධාරීන් විසින් කළ ගවේෂණ සහ ඔවුන් සිය සොයා ගැනීම් සඳහා ඉදිරිපත් කළ අර්ථනිරූපන යන සියල්ලක්ම ඉහතින් සඳහන් කළ පරිදි එක්කෝ යටත්විජිතය මැනවින් පාලනය කිරීම සඳහා අවශ්‍ය වන යටත් වූවන්ගේ සම්ප‍්‍රදාය දැනගැනීමේ අරමුණින් හෝ එසේ නොවේ නම් දහනමවන සියවසේ බටහිර රටවල පැතිර ගිය ප‍්‍රාචීනවාදී උන්මාදය මගින් ඇති කරන ලද පෙළඹවීඹ මත හෝ ඇතැම් විට එම හේතු දෙකම පදනම් කොට ගෙන ගොඩ නගන ලද ඒවාය. ඔවුන්ගේ අභිමතය පරිදි ගොඩ නගන ලද දේශීය ඉතිහාසය පිළිබඳ යටත්විජිත අර්ථනිරූපනය තවදුරටත් ඉදිරියට ගෙන යාම ඒ රාමුවටම නතු වූ ඇතැම් දේශීය බුද්ධිමතුන් අතින් සිදුවිය එහෙත් යටත් විජිතවාදී ඉතිහාසඥයින්ගෙන් ඔවුන් වෙන්වන්නේ දේශීය බුද්ධිමතුන්ගේ ඉතිහාස අර්ථනිරූපන තුළ යටත්විජිතයට එරෙහි ආතතියක් ප‍්‍රකාශ වීම නිසාය එය ස්වභාවික තත්ත්වයක් වුවත් ඉන් ඇති වූ අහිතකර ප‍්‍රතිඵලය වූයේ ඉතිහාසයේ සමස්ත අවකාශය ඔවුන් විසින් අතීතයේ වරප‍්‍රසාද ලත් අයගේ නටබුන් (ප්‍රිවිලෙගෙඩ් රෙලිcස්) මත පදනම් කිරීමය. පාලකයින්් හා යතිවරුන්ට පමණක් විසිවන සියවසේ රචිත මෙරට ඉතිහාසය තුළ ආධිපත්‍යය දැරීමට අවකාශ ලැබීමට පාදක වූ තවත් හේතුවක් තිබේ. නිදහසට පසුව යුරෝපයේ උසස් අධ්‍යාපන ආයතනවලින් ඉතිහාසකරණය පිළිබඳව ශාස්ත‍්‍රීය පුහුණුව ලැබූ අපේ රටේ පුරෝගාමී ඉතිහාසඥයින්ට ඉගෙන ගන්නට සිදු වූයේ 1960 දශකයේදී ඉතිහාසකරණය පිළිබඳ ජගත් පරිමාණ ශාස්ත‍්‍රාලීය සංවාදවල පුරෝගාමී වු එඞ්වර්ඞ් කා(ර්), ශ‍්‍රීමත් ජෙෆ්රි එල්ටන් ආදීන්ගේ අදහස්ය. එඞ්වර්ඞ් කා(ර්) සාහිත්‍ය මූලාශ‍්‍ර පරිහරණය කිරීමෙන් ඉතිහාසය යථාර්වාදීවත් විෂයමූලික ලෙසත් දැන ගත හැකිය යන මතයේ පිහිටි විශිෂ්ටයෙක් විය. ඉතිහාසය දෙස ඒකාකෘතිකව (ස්ටෙරෙඔට්ය්පේ බැලූ හෙතෙම ඉතිහාසයේ සෑම යුගයක්ම දෙවියන්ට සමීපස්ථ බව (එවෙර්ය් එපොච් ඉස් ඉම්මෙඩිඅටෙ ටො තෙ ඝොඩ්) කීය. ශ‍්‍රීමත් ජෙෆ්රි එල්ටන් ඉතිහාසය සහ එහි නිරූපිත දේශපාලන සංසිද්ධින් අතර සමවාය සබඳතාව අවධාරණය කළේය. මේ පූරෝගාමී ඉතිහාසඥයින් දෙදෙනාගේ අදහස් සමස්ත යුරෝපය පුරා පැතිර ගිය අතර දැනටත් ලෝකයේ බොහෝ විශ්ව විද්‍යාලවල අධ්‍යයන ධාරාවලට ඉන් ලැබී තිබෙන ආනුභාව නොමිණිය හැකිය. නිදහසින් පසු කාලයේ යුරෝපයේ විශේෂයෙන්ම එක්සත් රාජධානියේ උසස් අධ්‍යපනය හදාල විසිවන සියවසේ මෙරට විසූ අද්විතීයිය ඉතිහාසඥයින්ගේ ගුරුකුලයට තමන් විසින් ප‍්‍රගුණ කළ ඉතිහාසකරණ ආකෘතිවලින් බැහැරවීම කළ නොහැක්කක් වූ අතර ඔවුන් විසින් රචිත ඉතිහාස මුළුමනින්ම වෘත්තාන්තමය සාහිත්‍ය මූලාශ‍්‍රවල තිබෙන ඉතිහාසය ගොඩනැගීමට අදාල විශිෂ්ටතා මෙන්ම ඒවායේ සීමාකාරී ස්වභාවයන් අතර සිර විය. විසිවන සියවසේ මෙරට රචිත ඉතිහාස කෘතිවල ප‍්‍රාරම්භක පරිච්ඡේද තමන් විසින් ඉතිහාසය ලිවිම සඳහා භාවිත කරන මූලාශ‍්‍රවල වලංගුතාව තක්සේරු කිරීමට වැයම් කරන අතිශය ගැඹුරු ශාස්ත‍්‍රීය සංවාදවලට වෙන් කළ විස්තරාත්මක තොරතුරුවලින් සමන්විතය. වෘත්තාන්තමය මූලාශ‍්‍ර හැරුණු විට ඉතිහාසය දැන ගැනිමට වෙනත් මගක් නැත යන අදහසත් ලිඛිත මූලාශ‍්‍ර මත පදනම් වෙමින් ගොඩ නගන ඉතිහාසය යථාර්වාදි (රේලිස්ටිc) සහ විෂයමූලික (ඔබ්ජෙcටිවේ වන බවටත් ඔවුන් විසින් ගෙන තිබූ ස්ථාවරය ඉන් පැහැදිලි වෙයි. දීපවංසය සහ මහාවංසය ආදී අඛණ්ඩ වූත් දීර්ඝකාලීන වූත් වෘත්තාන්ත තුළ විස්තර වන රජුන් සහ ඇමතිවරුන් පිළිබඳ තොරතුරු දේශපාලනමය වූ අතර ශ‍්‍රීමත් එල්ටන් ප‍්‍රකාශ කළ අන්දමට ගාම්භීර ඉතිහාසයක් (ඉතිහාසයෙන් එවැනි ගාම්භීර බවක් ඉල්ලා සිටීම යටත්විජිතයට එරෙහි ආතතිය මගින් ඇති කරන අවශ්‍යතාවකි.) රචනා කිරීමට අවශ්‍ය කරන ප‍්‍රාමාණික මූලසාධක ඒ තුළ තිබිණි. තවත් අතකින් විමසන විට පෙනෙන දේ නම් කා(ර්) සහ එල්ටන් ඇතුළු සමකාලීන තවත් ඉතිහාසඥයින් අයත් වන යුගයේ ඉතිහාසකරණ ව්‍යාපාරය තුළ පෙනෙන සදාචාර ගැතිකම (මොරල් ඔබ්ලිගටිඔන්) පිළිබඳ අදහස නිසර්ගයෙන්ම අපේ දේශීය වංසකථාවල නිමග්නව තිබීම එවැනි මූලාශ‍්‍ර මත ඉතිහාසයක් ගොඩනැගීම කෙරෙහි දේශිය ඉතිහාසඥයින්ට මහත්  අභිරුචියක් ජනනය කළ බවය.

ස්‍රි ලන්ක-අර්චෑඔලොග්ය්.ල්ක්

වෘත්තාන්ත ඉතිහාසයට ඔබ්බෙන් වන ඉතිහාසය පසුගිය දශක හතරක හෝ පහක පමණ කාලය තුළ මේ රටේ සිදු කර තිබෙන පුරාවිද්‍යාත්මක පර්යේෂණ මගින් ශ‍්‍රී ලංකාවේ මනුෂ්‍ය පැවැත්ම පිළිබඳ ඉතා වැදගත් කරුණු දෙකක් පැහැදිලි කර දි තිබේ. ඉන් පළමුවැන්න නම් මෙරට ජනාවාස පැවැත්ම ඉතිහාසය මගින් පෙන්වා දෙන සීමාවන්ට වඩා පුළුල් කාලපරාසයකට විහිදෙන බවයි. දෙවැන්න එම ජනාවාසවලට අයත් සංස්කෘතික පැවැත්මට සීමිත පරිසර කලාපවලදී හෝ යම් අඛණ්ඩතාවක් තිබෙන බවයි. ව්‍යවහාර ඉතිහාස භාවිතයේ තිබෙන යම් යම් ක‍්‍රමවේදීය සීමාකම් නිසා, එනම් වෙනත් ආකාරයකින් කිවහොත් ඇන්ග්ලෝ-අමෙරිකානු ඉතිහාසකරණ ආකෘතිවලට තිබෙන නුවුවමනා පරිමාණයේ නැඹුරුකම නිසා මෙකි නව පුරාවිද්‍යාත්මක සොයා ගැනිම්වලින් පිළිබිඹු වන මේ රටේ ආදි මනුෂ්‍ය පැවැත්ම පිළිබඳ දැනුම තවමත් ඉතිහාසයෙන් පිට මං වී තිබේ. අපේ රටේ පාසැල් ඉතිහාස පොත්වල ශ‍්‍රී ලංකාවේ ගල්යුගය පිළිබඳව තොරතුරු විස්තර වන්නේ ප‍්‍රධාන ඉතිහාස ධාරාවෙන් ස්වාධීන වූ කාලපරිච්ඡේදයක් ලෙසය. අවම තරමින් මින් පෙර වසර 125,000 ක් පමණ ඈත වකවානුවක සිට මේ රටේ පරිසරයට අනුගත වෙමින් ජීවන ප‍්‍රවෘත්තිය හැඩගසා ගත් ඒ පූර්වජයන් පිළිබඳව ආචාර්ය සිරාන් දැරණියගල ආදී පුරෝගාමී විද්වතුන් විසින් දශක ගණනාවක් තිස්සේ රැස් කර ඇති දැනුම මේ රටේ ඉතිහාසය පිළිබඳ පළමු පරිච්ඡේදය ලෙස පැහැදිලි කිරීම අවශ්‍යය. නමුත් එය එසේ නොවන්නේ සමස්ත මනුෂ්‍ය පැවැත්ම ප‍්‍රාග්ඉතිහාසය (ප්‍රෙ හිස්ටොර්ය්) පූර්ව ඉතිහාසය (ප්‍රොටො හිස්ටොර්ය්) සහ ඉතිහාසය (හිස්ටොර්ය්) යනුවෙන් පැහැදිලි කරන ඇන්ග්ලෝ-අමෙරිකන් වර්ගීකරණය අනුවම අප කල්පනා කරන නිසාය. යම් යම් හේතු නිසා පුරාවිද්‍යාඥයින්ට එවැනි වර්ගීකරණයක් ප‍්‍රයෝජන වන මුත් ඉතිහාසය කේවල අස්තිත්වයක් ලෙස තේරුම් ගන්නා පොදු ජනතාවට එවැනි දෑ උගන්වන්ට යාමෙන් ඇති වන්නේ අනවශ්‍ය සංකීර්ණතාවක් මිස පැහැදිලි බවක් නොවේ. මා කල්පනා කරන ආකාරයට ඉතිහාසඥයින්ට වුවද ඒ වර්ගීකරණය අනුව යාම එතරම් ප‍්‍රයෝජනවත් දෙයක් නොවේ.

බලන්ගොඩ පොඉන්ට්-ස්ටොනෙ ටූල්-හල්ඩුම්මුල්ල-උඩ වලවෙ බසින්-ස්‍රි ලන්ක-අර්චෑඔලොග්ය්.ල්ක්

මනුෂ්‍ය පැවැත්මේ අඛණ්ඩතාව ඉහතින් පැහැදිලි කළ අන්දමට පසුගිය වසර 125,000 ක කාලය තුළ මෙරට අඛණ්ඩව මනුෂ්‍ය වාසයක්ව පැවතිනි. නමුත් යමෙක් විසින් නගනු ලැබිය හැකි තර්කානුකූල ප‍්‍රශ්නයක් වන්නේ ඒ කාලය තුළ සංස්කාතික පැවැත්මේ එවැනිම අඛණ්ඩතාවක් තිබිණිද යන්නයි. ඉතිහාසය සම්බන්ධයෙන් සලකන විට එම ප‍්‍රශ්නයට වැඩි වැදගත්කමක් තිබෙන්නේ ඉතිහාසය වෘත්තාන්තමය ස්වරූපයේ ගොඩනැගීමක් වන නිසාය. ශ‍්‍රී ලංකාවේ දීර්ඝකාලයක් තිස්සේ ජීවත් වූ ගල්යුගයේ මිනිසාට ගල්යුගයෙන් ඔබ්බට කිසියම් සංස්කෘතික-තාක්ෂණික පරිවර්තනයක් තිබිණිය යන අදහස් දේශිය විද්වතුන් අතර පැන නැගුනේ 1950 දශකයේදීය. ගල්යුගයෙන් පසු එහිම දිගුවක් වන නවශිලායුගයක් වෙත මෙරට සංස්කෘතිය තල්ලූ වී ගිය බව අනුමාන කිරීමට සාක්ෂි තිබෙන බව පැහැදිලි ලෙස පළමුවරට ප‍්‍රකාශ කළේ මෙරට විසු කීර්තිමත් මානවවිද්‍යාඥයෙකු වූ ආචාර්ය පී.ඊ.පී. දැරණියගලයි. කල්තොට ප‍්‍රදේශයේ පිහිට උඩුපියන් ගල්ගේ ඇතුලත තිබූ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති සාක්ෂි පරීක්ෂා කළ ඔහු ඒ අදහස් ප‍්‍රකාශ කළේ 1956 දීය. ඔහුගේ ලියැවිලිවල එම නව පරිවර්තිත සංස්කෘතිය ෆෙරොලිතික සංස්කෘතිය (ෆෙර්‍රොලිතිc cඋල්ටුරේ නමින් හඳුන්වා දී තිබේ. 2006 වර්ෂයේ සිට කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය මගින් දියත් කොට තිබෙන උඩවළව නිමිනයේ පුරාවිද්‍යාව නම් වූ පුරාවිද්‍යාත්මක පර්යේෂණ ව්‍යාපෘතිය මේ සම්බන්ධයෙන් තරමක පරිපූර්ණ අදහසක් ගොඩ නගමින් සිටී. දැනට සිදු කොට තිබෙන පර්යේෂණ අනුව මෙරට යකඩ භාවිතය සහ කෘෂිකාර්මික කටයුතුවල ආරම්භය ක‍්‍රිස්තු පූර්ව 1,350 තරම් පසුපසට ගෙන ගොස් තිබේ. එය වෘත්තාන්ත ඉතිහාසය මගින් මෙරට කෘෂිකාර්මික ජනාවාස සඳහා යෝජනා කරන ක‍්‍රිස්තු පූර්ව 600 ට වඩා අවුරුදු 700ක් පැරණි වූවකි. ගල්මෙවලම් යකඩ මෙවලම් මැටිභාණ්ඩ සහ අවමංගල චාරිත‍්‍ර පෙන්නුම් කරන සොහොන් ඒ කාලයේ පැවැත්ම ස්ථිර කරන දැනට සොයා ගෙන තිබෙන දෑය. 2009 වසරේදී ඇඹිලිපිටියේ කොළඹගේආර ප‍්‍රදේශයට සමීපව පිහිටි උඩරංචාමඩම නම් ගම්මානයේ සිදු කළ පුරාවිද්‍යාත්මක කැණිම්වලින් මීට අවුරුදු 3,100 පැරණි නිවාසයක නටබුන් සොයා ගැනීමට හැකිවිය. වරිච්චි බිත්තිවලින් ගොඩ නඟන ලද එම නිවසේ බිම වැළිගල් අතුරා නිම කොට තිබිණි. ගේ තුළ තිබී මැටි මූර්තියක් ගල්මෙවලම් සහ යකඩ මෙවලම් ද සොයා ගැනිණි.

ගල්මෙවලම් සහ යකඩ මෙවලම් එකම සන්දර්භයක සංසරණය වීම තාක්ෂණ සම්ප‍්‍රදායයන් දෙකක මිශ‍්‍ර වීමක් පිළිබඳ පුරාවිද්‍යාත්මක නිරූපනයක් අප වෙත ලබා දෙයි. මෙම තාක්ෂණික එකතුව ක‍්‍රිස්තු පූර්ව 1,350 පමණ වන විට යම් පරිණතියක් ලබා තිබෙන බවද එම සාක්ෂි තවදුරටත් පෙන්වා දෙනු ලබයි. උඩරංචාමඩමෙන් 2009 වසරේදී සොයා ගත් වර්ණාලේපිත මැටි බඳුන සකපෝරුවේ නිපදවන ලද්දකි. යකඩ භාවිතය සහ සංවිධානාත්මක තාක්ෂණික විධික‍්‍රම අනුගමනය කරමින් භාණ්ඩ නිෂ්පාදනය ඒ වන විට සම්භාවිතව පැවතිණි. 2007 වසරේදී රංචාමඩමෙන් සොයා ගත් සුසානභූමියත් 2010 වසරේ හල්දුම්මුල්ලෙන් සොයා ගත් එම සම්ප‍්‍රදායේම සුසානභූමියත් යන දෙකම මින් වසර 3,000 කට එපිට වකවානුවක මෙරට විසූ ජනකණ්ඩායමක් සිය මළවුන් සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය පමණක් නොව බුදුදහම ආදී සංවිධානාත්මක ආගම් මෙරටට පැමිණිමට පෙර මෙහි භාවිතව පැවැති ආගමික අදහස්වල ස්වරූපය ද අප වෙත පෙන්වයි.

නියත වශයෙන්ම මෙම පර්යේෂණ ඉදිරියට ගෙන යා යුතු වන අතර එමගින් නිපදවන දැනුම සමාජගත කිරීමද අවශ්‍යය. ඒ සඳහා භාවිත කළ යුත්තේ ඉතිහාස ධාරණාවයි. පුරාවිද්‍යාව මගින් නිපදවන්නේ රටක සමාජයකට අයත් වෘත්තාන්ත සාහිත්‍යයෙන් ඔබ්බෙහි වන අතීතය විස්තර කරන දැනුමයි. ඒ දැනුම ඉතිහාසයට අයත් වූවකි. සාම්ප‍්‍රදායිකව වෘත්තාන්ත ඉතිහාසයේ සීමාවන් තුළ පමණක් රැදී සිටිමින් තම ශික්ෂණයේ ක‍්‍රමවේදය ගැන පමණක් දැඩිව සිතා කටයුතු කිරීමෙන් තමන්ගේ ඉතිහාසය නිවැරදිව දැන ගැනිමට පොදු ජනතාවට ඇති අයිතිය ඉතිහාසඥයින් අතින් උල්ලංඝනය වනු ඇත.


 රාජ් සෝමදේව- මහාචාර්ය, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය
සකස්කළේ : මහින්ද රත්නායක
archaeology.lk

No comments:

Post a Comment

blog

uk blog reader

TRUST ගැන

TRUST අන්තර්ජාල මාධ්‍ය සඟාරාව ඔබ වෙත පිරිනමන්නේ ඉමහත් සතුටෙන්. මෙම සඟරාව මාධ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් කථිකාවක් ගොඩනැගීම අරමුණු කරගෙන ආරම්භ කර තිබෙන්නේ. විශේෂයෙන් සන්නිවේදන විෂය හදාරණ පිරිස් වෙත දැනුම බෙදාදීමේ මාධ්‍ය සඟාරාවේ ප්‍රමුඛ අභිප්‍රාය වී තිබේ. එය ජයගනු සඳහා ඔබගේ දායකත්වය සැමදා අප බලාපොරොත්තු වෙමු. TRUST අපි

On line

 

ජනමාධ්‍ය ගැන අලුත් විදියට දකිනවද?

ජන සන්නිවේදනය, ජනමාධ්‍ය විෂය ක්ෂේත්‍රයේ ඔබගේ දැනුම බෙදා ගන්න අප සමඟ එක්වන්න.. ඔබගේ සාරගර්භ අඳහස් අපවෙත ලියන්න.ජනමාධ්‍ය ගැන අලුත් විදියට දකිනවද?

Face book

අඳහස්

TRUST අන්තර්ජාල මාධ්‍ය සඟරාවේ පළ කෙරෙන ලිපි සහ විශේෂාංගවල කියැවෙන අඳහස් එම ලේඛකයන්ගේ අඳහස් බව සලකන්න
Designed By Blogger Templates - Published By Gooyaabi Templates | Powered By Blogger