සිම්බාබ්වේ සේවයක කරන ජනමාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීම් හා රඳවා තබා ගැනීම් පිළිබඳ හා ඔවුන් එම ජර්ජනයන්ගෙන් මුදවා ගන්නා ලෙසත් මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම සඳහා වහාම කටයුතු කරන ලෙස ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසා තිබෙනවා.
සිම්බාබ්වේ මාධ්‍යවේදීන් වන Garikai Chaunza, Christopher Mahove, James Jemwa, Khumbulani Zamchiya, Edgar Gweshe අත්අඩංගුවට ගත් බව සිම්බාබ්වේ ජනමධ්‍ය සංවිධානය වාර්තාකර තිබෙනවා.
මේ තත්ත්වය හමුවේ ඔවුන් විරෝධතා රැසක් සිම්බාබ්වේ රටපුරා ක්‍රියත්මක කර තිබුණා.
මෙම අත්අඩංගුවට ගැනීම සිදු මූලික වශයෙන් සිම්බාබ්වේ ජනරජයේ පොලිස් විසින්,සිදුකර ඇති බවට චෝදනා කරනවා. මාධ්‍යවේදීන්ට සිදුකළ පහරදීම් මාලාවක් වාර්තා වී තිබෙනවා.
දේශපාලන ක්‍රියාකාරීන් ආරක්ෂක නියෝජිතයන් විසින් මාධ්‍යවේදීන්ගේ වැඩ කටයුතු සම්බන්ධයෙන් දිගටම පවතින හිරිහැර කිරීම් හා බිය ගැන්වීම් පුරවැසියන් ලෙස මාධ්යවේදීන් අයිතිවාසිකම් පිළිබඳ මූලික උල්ලංඝනය කිරීමක් බව ජාත්‍යන්තර මාධ්‍ය සංවිධාන පෙන්වා දෙනවා.
එය ප්‍රජාතන්ත්‍රවාදයට කෙරෙන නිග්‍රහයක් බව ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ සභාපති පවසනවා.
සිම්බබ්වේ ජනමාධ්‍ය සංවිධානයේ මහ ලේකම්, ෆොස්ටර් ඩොන්ගොසී, පොලිසිය විසින් මාධ්‍යවේදීන් නීති විරෝධී ලෙස ඉලක්ක කර ඇති බව චෝදන කරනවා.
No comments:
Post a Comment