Trending
තොරතුරු ප්‍රාග්ධනයේ යුගයක්- ආචාර්ය චරිත හේරත්...........මාධ්‍ය දඬබීමක් වූ සිරියානු යුද ගැටුම්

Thursday, June 30, 2016

තුර්කියේ මාධ්‍ය ගිනි ගනී !- මාධ්‍යකරුවෝ සිරබත් කති

තුර්කියේ ජනමාධ්‍යවේදීන්ට මෙන්ම ජනමාධ්‍ය ක්‍රියාකරීන්ට දැනටමත් එල්ල වී තිබෙන්නේ, ප්‍රබල ජීවිත තර්ජනයක්. තුර්කිය තුළ ඇතිවී තිබෙන ගැටළුකාරී වාතාවරණය තුළ දේශසීමා රහිත මාධ්‍යකරුවන්ට ද සිරගතවීමට සිදු වෙලා.
ඒ අනුව තුර්කිය තුළ ජනමාධ්‍යයට සුබවාදී අවකාශ නිර්මාණය වීමේ අයිතිය අහිමි වී තිබෙන බවයි විදෙස් විචාරකයින් පවසන්නේ.

මෙම තත්ත්වය තවත් වර්ධනය වෙමින් පසුගිය දා දේශසීමා රහිත මාධ්‍යකරුවන් පිරිසක් සිරගත වුණා. මේ සිදුවීම් පිළිබඳව ජාත්‍යන්තර සී.පී.ජේ.(CPJ) ආයතනය පවසන්නේ,ජනමාධ්‍යවේදීන් ඇතුළු ජනමාධ්‍ය ක්‍රියාකාරීන්, මානව හිමිකම් ක්‍රියාකරීන් වහාම නිදහස් කළ යුතු බවයි.

 ඉස්තාන්බුල් අධිකරණය විසින් මාධ්‍යවේදී Erol Ondergulu ඇතුළු නියෝජිතයින්  දෙදෙනෙකුට එරෙහිව සිරදඬුවම් නියම කළා......පුවත්පතට පළ කළ ලිපියක් මඟින් ත්‍රස්තවාදයට අනුබල දීම යන්න ඔවුන්ට එල්ල වී තිබුණු චෝදනාව.

එමෙන්ම මාධ්‍යකරුවෙකු , ලේඛකයෙකු වන Ahemet Nesin සහ Sebnem Korur මානවහිකම් කවුසලයේ සභාපති (තුර්කිය ) අත් අඩංගුවට පත් වී ඇති බවයි පැවසෙන්නේ. ඔවුන්ට එල්ල වී ඇති චෝදනාවද වන්නේ ත්‍රස්තවාදයට අනුබල දී ප්‍රචාරණය කිරීමට කටයුතු කිරීමයි.


කෙසේ වෙතත් මේ සම්බන්ධයේ ලෝකයේ ප්‍රබල ජනමාධ්‍ය සංවිධන සිය විරෝධය පළ කර තිබෙනව.2016 වසරේ ලෝක ජනමාධ්‍ය දිනය වනවිට තුරකියේ මාධ්‍යවේදීන් 44ක් පමණ නීතිමය ගැටළුවලට මුහුණ දී සිටිනවා. මේ වනවිට ඉන් 37කට එරෙහිව පරීක්ෂණ ක්‍රියාත්මකයි.

2015 (CPJ-Committe to protect journalist ) වාර්තාවලට අනුව ලොව පුරා මාධ්‍යවේදීන් සිරගත කිරීමේ සිද්ධිවලින් අවම වශයෙන් 14ක් ම වාර්ත වන්නේ තුර්කියෙන් බවයි පවසන්නේ.






No comments:

Post a Comment

blog

uk blog reader

TRUST ගැන

TRUST අන්තර්ජාල මාධ්‍ය සඟාරාව ඔබ වෙත පිරිනමන්නේ ඉමහත් සතුටෙන්. මෙම සඟරාව මාධ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් කථිකාවක් ගොඩනැගීම අරමුණු කරගෙන ආරම්භ කර තිබෙන්නේ. විශේෂයෙන් සන්නිවේදන විෂය හදාරණ පිරිස් වෙත දැනුම බෙදාදීමේ මාධ්‍ය සඟාරාවේ ප්‍රමුඛ අභිප්‍රාය වී තිබේ. එය ජයගනු සඳහා ඔබගේ දායකත්වය සැමදා අප බලාපොරොත්තු වෙමු. TRUST අපි

On line

 

ජනමාධ්‍ය ගැන අලුත් විදියට දකිනවද?

ජන සන්නිවේදනය, ජනමාධ්‍ය විෂය ක්ෂේත්‍රයේ ඔබගේ දැනුම බෙදා ගන්න අප සමඟ එක්වන්න.. ඔබගේ සාරගර්භ අඳහස් අපවෙත ලියන්න.ජනමාධ්‍ය ගැන අලුත් විදියට දකිනවද?

Face book

අඳහස්

TRUST අන්තර්ජාල මාධ්‍ය සඟරාවේ පළ කෙරෙන ලිපි සහ විශේෂාංගවල කියැවෙන අඳහස් එම ලේඛකයන්ගේ අඳහස් බව සලකන්න
Designed By Blogger Templates - Published By Gooyaabi Templates | Powered By Blogger