Trending
තොරතුරු ප්‍රාග්ධනයේ යුගයක්- ආචාර්ය චරිත හේරත්...........මාධ්‍ය දඬබීමක් වූ සිරියානු යුද ගැටුම්

Wednesday, June 29, 2016

මාධ්‍ය දඬබීමක් වූ සිරියානු යුද ගැටුම්

ස්වාධීන සිරියානු ජනමාධ්‍යවේදියකුගේ ඝාතනයක් පසුගියදා සිරියාවෙන් වාර්තා  වෙනවා.
2016 වසරේ ගත වූ කාලසීමාව තුළ තෙවැනි මාධ්‍යවේදී ඝාතනය ලෙසයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.මෙහි කතානායක මාධ්‍යවේදීයා ඝාතනය වන්නේ සිය නිවස පිහිටි Aleppo හීදී.

 Khaled Lssa සිරියානු ජාතික පුවත් ඡායාරූප ශිල්පියෙක්.සිය නිවසේ සිටියදී බෝම්බ ප්‍රහාරයකට හසුවුණා. Khaled මරණය වැළඳගන්නා අතර ඔහු සමඟ සිටි  මාධ්‍යවේදී Hadi Al- Abdullah බරපතල ලෙස තුවාල වුවත්  ජීවිතය අහිමි වන්නේ නෑ.

මෙම ඝාතනය කවුරුන් විසින් සිදු කළේ ද යන්න නිශ්චිත නති වුවත් මෙම අඳුරු ඝාතනයට අඟිල්ල දිගුවන්නේ අල් කයිඩා සංවිධානයට අයත්
Nusra නැමැති සංවිධානයකටයි.


Nusra නමැති සංවිධානයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ දැඩි විවේචනයක සිටි මොවුන් ඒ හේතුව නිසාම ඉලක්කයක් වූ බවයි විදෙස් මාධ්‍ය සංවිධානවල අඳහස වී තිබෙන්නේ.ලාසා මීට පෙර ද සිවිල් ගැටුම්, යුද තත්ත්වයන් වාර්ත කළ තරුණ ඡායාරූප මාධ්‍යවේදියෙක්.

අයි.එෆ්.ජේ.(IFJ) වැනි ලෝක මාධ්‍ය සංවිධානවල අවධානයද මෙම ඝාතනය කෙරෙහි යොමු වී තිබෙනවා.

''මෙවැනි තරුණ අභීතවත් ජනමාධ්‍යවේදියෙකු විසින් තම ජනතාව කෲර යුද්ධයක් නිසා විඳින පීඩාව ලෝකයට ප්‍රකාශ කරන්නට උත්සහ ගත් බව ''අයි.එෆ්.ජේ. සංවිධානයේ සභාපති Philip Leruth පවසනවා.ජනමාධ්‍යවේදීන් ඇතුළුව සිවිල්  ජනතාවගේ ආරක්ෂාව් සහ ඔවුන්ට නිදහසේ කටයුතු කිරීමට  අවස්ථාව සළසා දෙන ලෙසයි ලෝක මාධ්‍ය සංවිධාන වගකිවයුතු පාර්ශවයෙන් ඉල්ලා සිටින්නේ.

මේ වනවිටත් සිරියාවේ මාධ්‍යවේදීන්වන Mohomad Zaher,Al- Shurqat ,Majid  Diran යන අයගේ ජීවිත අහිමී වී අවසන්.

2015 දී Deir Ezzor පැහැරගොස් තිබුණා.දිගින් දිගටම එරට සේවය කරන මාධ්‍යවේදීන්ට තර්ජන එල්ල වෙමින් පවතින බවයි මාධ්‍ය වාර්තා පවසන්නේ.ඔවුන් වාර්තාකරුවන් විශාල තර්ජනයක් ලෙස සළකනවා. ඔවුන් ඔත්තුකරුවන් ලෙසයි ඝාතකයන් හඳුන්වන්නේ.
Khaled Lssa සිරියානු ජාතික පුවත් ඡායාරූප ශිල්පි


අන්තර්ජාල තොරතුරු ඇසුරෙන්-
පි. රත්නායක

No comments:

Post a Comment

blog

uk blog reader

TRUST ගැන

TRUST අන්තර්ජාල මාධ්‍ය සඟාරාව ඔබ වෙත පිරිනමන්නේ ඉමහත් සතුටෙන්. මෙම සඟරාව මාධ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් කථිකාවක් ගොඩනැගීම අරමුණු කරගෙන ආරම්භ කර තිබෙන්නේ. විශේෂයෙන් සන්නිවේදන විෂය හදාරණ පිරිස් වෙත දැනුම බෙදාදීමේ මාධ්‍ය සඟාරාවේ ප්‍රමුඛ අභිප්‍රාය වී තිබේ. එය ජයගනු සඳහා ඔබගේ දායකත්වය සැමදා අප බලාපොරොත්තු වෙමු. TRUST අපි

On line

 

ජනමාධ්‍ය ගැන අලුත් විදියට දකිනවද?

ජන සන්නිවේදනය, ජනමාධ්‍ය විෂය ක්ෂේත්‍රයේ ඔබගේ දැනුම බෙදා ගන්න අප සමඟ එක්වන්න.. ඔබගේ සාරගර්භ අඳහස් අපවෙත ලියන්න.ජනමාධ්‍ය ගැන අලුත් විදියට දකිනවද?

Face book

අඳහස්

TRUST අන්තර්ජාල මාධ්‍ය සඟරාවේ පළ කෙරෙන ලිපි සහ විශේෂාංගවල කියැවෙන අඳහස් එම ලේඛකයන්ගේ අඳහස් බව සලකන්න
Designed By Blogger Templates - Published By Gooyaabi Templates | Powered By Blogger